මහජන සෞඛ්‍ය හෙද නිලධාරී (PHNO) 368 දෙනෙකුගෙන් යුත් පස්වන කණ්ඩායමේ එක් අවුරුදු පුහුණු පාඨමාලාව (03) දින නිල වශයෙන් ආරම්භ විය.
මෙහි ප්‍රධාන සමාරම්භක වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ ශ්‍රවණාගාරයේ දී (03) දින පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන මෙම පුහුණු පාඨමාලාව සඳහා දිවයින පුරා විසිරී සිටින හෙද නිලධාරීන් 368 ක් තෝරාගෙන ඇත.
කොළඹ පශ්චාත් ප්‍රාථමික හෙද විද්‍යාලය (Post Basic College of Nursing, Colombo ) මුලික කර ගනිමින් අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, ගාල්ල යන හෙද විදුහල් 05 තුළ දී මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.
සමාරම්භක වැඩසටහනේ දී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන අරමුණ පෙරදැරි කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා වැඩිදියුණූ කිරීමේ වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් පුහුණු කිරීමේ හෙද විදුහල් වල පන්තිකාමර සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිල වශයෙන් ලබාදීම ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අතින් සිදු විය.
ඒ අනුව මහජන සෞඛ්‍ය හෙද නිලධාරි පුහුණු මධ්‍යස්ථානවල පන්ති කාමර සඳහා අත්‍යාවශ්‍ය Smart Board 01, Sound System (blue Tooth) 01, Multimedia Projector 01, Large Screen 01, Duplo Machine 01, Photocopy Machine 01, Pointer 01, laptop 01 වශයෙන් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධයක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) II විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, අධ්‍යක්ෂ හෙද (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී , අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) වෛද්‍ය ඩබ්.කේ.ඩබ් සරත්චන්ද්‍ර කුමාරවංශ, අධ්‍යක්ෂ (පුහුණු) සමන්ත ප්‍රභාත් රණසිංහ යන මහත්ම මහත්මින් මෙන්ම හෙද විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
