ආණ්ඩුවට විදෙස් ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය රකින්න වැඩ පිළිවෙළක් නෑ - කල්ප මදුරංග (VIDEO)

පසුගිය කාලය පුරා පැවැති රජයන් විසින් විදේස් සංක්‍රමණිකයින් ගෙන එන මුදල් දිහා බලන් ඉන්නවා හැරෙන්න ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කිසිම සාකච්ඡාවක් හෝ වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව සංක්‍රමණික හඩ සංවිධානයේ කල්ප මදුරංග පසුගියදා පවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ලක්ෂ තිහක් පමණ සිටින විදේස් ශ්‍රමිකයින්ගේ ප්‍රධාන මැතිවරණයකදීවත් ඡන්ද අයිතියවත් ඔවුන්ට ලබාදීමට කිසිඳු වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකි වී ඇති බවයි.