විජිත නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණිම නවතයි (VIDEO)

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය විසින් නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණිම සඳහා කටයුතු කළ අතර, එම ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් පැවැති උත්සවයේදී පවසා සිටියා.

එහිදි අමාත්‍යවරයා පවසා සිටියේ, "නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා"