'අවධානම් සහගත වාර්තාකරණය, ජනමාධ්‍යවේදියෙකුගේ වගකීම, වගවීම සහ සීමා.’ - zoom රැස්වීමක්

'අවධානම් සහගත වාර්තාකරණය, ජනමාධ්‍යවේදියෙකුගේ වගකීම, වගවීම සහ සීමා.’ - zoom රැස්වීමක්

'කාලීන මාධ්‍ය සංවාද' සඳහා 'අවධානම් සහගත වාර්තාකරණය, ජනමාධ්‍යවේදියෙකුගේ වගකීම, වගවීම සහ සීමා.’ මැයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදහස් දක්වන අතර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය, මාධ්‍යවේදිනී අශාන්ති වර්ණසූරිය යන මහත්ම, මහත්මීන් කෙටි අදහස් දැක්වීම් සඳහා සහාභාගී වෙති.

කාලීන අවශ්‍යතා මත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කරන, 'කාලීන මාධ්‍ය සංවාද’ වැඩසටහන 2022 අගෝස්තු 23 වන අඟහරුවාදා ප.ව. 6.30 ට zoom පහසුකම ඔස්සේ පැවැත්වේ.

සංවාදය මෙහයවන්නේ මාධ්‍යවේදී/මාධ්‍ය පුහුණුකරු ශාන් විජේතුංග මහතාය.

වැඩසටහන සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන අතර දෙමළ පරිවර්තන පහසුකම් සහිතය.

සූම් සබැඳිය මේ සමග අමුණා ඇත -

Join Zoom Meeting

https://us02web.zoom.us/j/81264422748

Meeting ID: 812 6442 2748

‘කාලීන මාධ්‍ය සංවාද’ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය, වැනි විෂයන්හි ශාස්ත්‍රීය හා ප්‍රායෝගික ඉසව් පිළිබඳ සිදු කෙරෙන සාකච්ඡා මණ්ඩපයකි.

වඩා යහපත් මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් උනන්දුවන, කැපවන ඔබට මෙම සාකච්ඡාවට සහභාගි වන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි.