සම සමාජ වෘත්තීය සමිති නායකයාත් ජනපති ආශිර්වාදයෙන් ජිනීවා සංචාරයට වරම් ලබයි

සම සමාජ වෘත්තීය සමිති නායකයාත් ජනපති ආශිර්වාදයෙන් ජිනීවා සංචාරයට වරම් ලබයි

ජිනීවා නුවර ලෝක කම්කරු සමුළු සංචාරයට වරම් ලද, රජයෙන් ජගත් කම්කරු සංවිධානයට යවන ලද නිල වෘත්තීය සමිති කණ්ඩායමේ ලැයිස්තුවේ නාමලේඛනයට සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායක හා ලංකා කම්කරු සම්මේලනයේ සභාපති පර්සි වික්‍රමසේකර මහතා ගේ නම ඇතුලත් වී නොතිබිණ. මැයි මස 28 වනදින සමුළු සමාරම්භයට සහභාගිවූ කණ්ඩායම පිටත් වුයේ පර්සි වික්‍රමසේකර මහතා රහිතවය.

පසුව මහත් පරිශ්‍රමයක් දරා ජනපති ආශිර්වාදයෙන් හා බදු ගෙවන මහජනයාගේ නිර්ලෝභී බරපැන දැරීමේ හැකියාවේ අනුග්‍රහයෙන් පර්සි වික්‍රමසේකර මහතාත් වැඩකරන පන්තිය නියෝජනය කරනු පිණිස ජිනීවා සිටින ලාංකික ලෝක කම්කරු සමුළු කණ්ඩායමට එකතු වීමට වරම් ලැබ සිටි. ඒ අනුව වැඩකරන පන්තිය නියෝජන සඳහා ජිනීවා ගොස් සිටින වෘත්තීය සමිති කණ්ඩායමේ සංඛ්‍යාව 07 දක්වා ඉහල යයි. 

percy wickramasekara

පර්සි වික්‍රමසේකර මහතා 

තෝරාගත් රටවල් කිහිපයක දැනට ප්‍රකාශිත වෘත්තීය සමිති කණ්ඩායම් වල සාමාජික සංඛ්‍යාව පහත දැක්වේ. 

ශ්‍රී ලංකාව – 7

එක්සත් රාජධානිය – 4

ස්වීඩනය – 4

ඇමෙරික එක්සත් ජනපදය – 8

ඉන්දියාව – 8

ස්පාඤ්ඤය – 6

දකුණු අප්‍රිකාව – 6

නවසීලන්තය – 2

නෙදර්ලන්තය – 6

නොර්වේ – 5

නයිජර් 12 

වැඩබිම