ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා සහභාගි වන වෘත්තිය සමිති නියෝජිතයින් නම් කිරීමේ අයිතිය වෘත්තිය සමිති වෙත පවතිද්දී එම අයිතිය වෘත්තිය සමිති විසින් සුපුරුදු පරිදි මෙවරත් ආණ්ඩුවට පවරාදී ඇතැයි වාර්තාවේ.

මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලන සැසිය සදහා සාහභාගි වන වෘත්තිය සමිති නියෝජිතයන් කවුරුන්ද යන වග තීරණය කිරීම සදහා කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී අප්‍රේල් 7 වැනිදා පැවති සාකච්ඡාවකදී මෙම පවරාදීම සිදුවී ඇත . 

එම සාකච්ඡාව සදහා සහභාගි වී ඇති ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නොවන සියලුම වෘත්තිය සමිති තමන්ට මෙම සමුළුව සදහා යෑමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඒ සදහා යවන වෘත්තිය සමිති නියෝජිතයන් නම් කිරීමේ බලය ආණ්ඩුවට පවරා දී ඇත. 

වැඩබිම