ILO සමුළුවට යන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙසේ අදහස් දක්වති

ILO සමුළුවට යන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙසේ අදහස් දක්වති

කරුණු පහක් ඉදිරිපත් කරනවා – ලෙස්ලි දේවේන්ද්‍ර -ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

සමුළුව සදහා ඒ ඒ අවුරුද්දට න්‍යාය පත්‍රයක් හදනවා ඒ අනුවයි කතා බහ සිදුවිය යුත්තේ. ඊට අමතරව අපේ සම්මේලනය සම්මත කරපු කරුණු පහක් අපි එහිදී ඉදිරිපත් කරනවා. ඒ පෞද්ගලික අංශය සදහා ජාතික අවම වැටුපක්, පෞද්ගලික අංශය සදහා විශ්‍රාම වැටුපක්, කොන්ත්‍රාත් සේවකයින් සදහා නීතියක්, සමුපකාර සේවකයින්ට කම්කරු නීති රීති වල ආවරණය හා විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට දක්වා ස්ථාවර කර ගැනීම යන කරුණු.

කම්කරු ප්‍රමිතීන් ගැන මැදිහත් වෙනවා – වසන්ත සමරසිංහ -සභාපති, අන්තර් සමාගම් සේවක සංගමය
කම්කරු ප්‍රමිතීන් ලංකාව තුල ක්‍රියාත්මක වන ආකාරය පිලිබදවත් ,ඒ සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි පිලිබදව මැදිහත් වන්නත් බලාපොරොත්තු වෙනවා . 

හඩ නගනවා – සුනිල් ද සිල්වා -උප සභපති ජාතික සේවක සංගමය
ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් හා නීති රීති අපේ රටට අන්තර්ග්‍රහණය සිදුවන්නේ හෙමින්. ඒ ගැන මගේ මට්ටමින් හඩ අවදි කරන්න බලාපොරොත්තු වෙනවා . 

ලංකාවට අදාලව අධ්‍යයනය කරනවා – චමින්ද පෙරේරා -සහකාර ලේකම්, ලංකා වෘත්තීය සමිති සම්මේලනය
කමිටු අංක පහේ තියෙන අවිදිමත් ක්ෂේත්‍රය වෘත්තීය සමිති ගත කරන්නේ කෙසේද යන සකච්ඡාවටයි මම මැදිහත් වන්නේ. එම කරුණ ලංකාවට අදාලව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිලිබදව අධ්‍යයනය කරනවා.