[Video]103 වන ජගත් කම්කරු සමුළුව උත්සවශ්‍රීයෙන් ජිනීවාහිදී නිල වශයෙන් ආරම්භ වේ!

[Video]103 වන ජගත් කම්කරු සමුළුව උත්සවශ්‍රීයෙන් ජිනීවාහිදී නිල වශයෙන් ආරම්භ වේ!

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසිය මැයි මස 28 වන දින, අධ්‍යක්ෂක ජනරාල් ගයි රයිඩර් මහතා විසින් නිල ව‍ශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා රටවල් 156ක් නියෝජනය කරමින් සේව්‍ය, සේවක හා රාජ්‍ය නියෝජිතයින් 3000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වුහ.

සිය සමාරම්භක අදහස් දැක්වීම සිදුකරමින් ගයි රයිඩර් මහතා සංක්‍රමණික සේවකයන්ගේ ගැටළු අද ගෝලිය ප්‍රශ්නයක් වී ඇති බවත් ගෝලීය මැදිහත්වීමක් මේ සඳහා අවශ්‍ය වී ඇති බවත් අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ සංවාදයේ සභාපතිත්වය මෙම වසරේ ඉසිලීමට ජගත් කම්කරු සංවිධානය ඉදිරිපත් වී ඇති බව ඒ මහතා සඳහන් කලේය. ඔහු මෙම ක්ෂේත්‍රය දිනෙන් දින සංකීර්ණ හා අභියෝගත්මක වීම හා එහි ආදීනව පිළිබඳව සභාවේ අවධානය යොමු විය යුතු බව සන්ධාන කළේය. 

සංක්‍රමණික සේවකයන්ගේ ගැටලුව සමුළුවේ සුවිශේෂී අවධානයක් යොමුවන මාතෘකාවක් වන ලක්ෂණ දැනටමත් පල වී ඇතැයි යන්න සහභාගී වන බොහෝ නියෝජිතයින්ගේ මතය වී ඇත. 

එලෙසම අධ්‍යක්ෂ ජනරාල් රයිඩර් මහතා, මිට අමතරව රැකියා පිලිබඳ මාතෘකාවට සහ බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම පිලිබඳ මාතෘකාවනට ප්‍රමුකත්වය ලබාදෙන ලෙස නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය. 

රයිඩර් මහතාගේ සමාරම්භක දෙසුමේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

https://youtu.be/T8Lz55jzmug