රජය විසින් ජගත් කම්කරු සංවිධානයේ (ILO), 103 වන ලෝක කම්කරු සම්මේලනය සඳහා පහත දැක්වෙන නියෝජිත පිරිසගේ නාමලේඛනය ජගත් කම්කරු සංවිධානයේ ජිනීවා ලේකම් කාර්යාංශය වෙත යවා ඇත. සේව්‍ය, සේවක සහ රාජ්‍ය ඇතුලත්ව ත්‍රිපාර්ශවයන්ම නියෝජනය කරමින් සමුළුව තුලදී ජන්දය භාවිතා කිරීම පිණිස එකී එක් එක් පාර්ශව වල පුර්ණ අභිලාශය නියෝජනය කරනු වස් (ILO) ව්‍යවස්ථාපිත විධි විධාන ප්‍රකාරව නියෝජිතයන් සතර දෙනෙකුද, ඔවුන්ට අවශ්‍ය සහාය සලසනු පිණිස උපදේශක කණ්ඩායම් ද නම්කර ඇත. මෙයට අමතරව රජයේ නිල සහභාගිත්වය සංකේතවත් කරමින් අමාත්‍ය වරුන්ද උපදේශාත්මක සහායකයින් ද මෙම සංචාරයට එක් වෙති.
මිට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් සතර දෙනෙකුද, ජිනීවා නුවර සිටිමින් රජයේ කණ්ඩායමේ සහයට එක් වනු ඇත.
ලෝක කම්කරු පාර්ලිමේන්තුව ලෙසද හැඳින්වෙන මෙම ජගත් කම්කරු සම්මේලනය මැයි මස 28 වන දින සිට ජුනි 12 වන දින දක්වා ස්විට්සර්ලන්තයේදී පැවැත්වේ. (ILO) ව්‍යවස්තාපිත විධි විධාන ප්‍රකාරව මේම සමුළුවට සහභාගිවන කම්කරු ඇතුළු සියලු සාමාජිකයින්ගේ ගුවන් ගමන්, ඉඳුම් හිටුම් අතුළු අදාළ සියලු බර පැන, රටේ මහජනතාව විසින් උසුලනු ලැබේ.
වැඩකරන පන්ති නියෝජිතයින් සමස්ත වැඩකරන පන්තියේ සැබෑ අභිලාශයන් මෙම ලෝක තලයේදී නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එකී අරමුණු පෙර දැරි කරනු වස් සිය ජන්ද බලය අවංකව භාවිතා කරන බවටද විශ්වාස කෙරේ.
මෙම සමුළුව තුලදී දේශීය හා ලෝක කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම්, ප්‍රශ්න, ප්‍රතිපත්ති, කම්කරු සම්මුති හා නිර්දේශ ක්‍රියාවට නැංවීම ඇතුළු වැඩකරන පන්තියේ විෂය මාතෘකා ඉතා ගැඹුරු හා විද්‍යානුකුල සාකච්ජා හා සංවාද ක්‍රියාවලියකට භාජනය කෙරේ. අපගේ කම්කරු ප්‍රශ්න ජාත්‍යන්තර විද්වත් තලයක සාකචජාවකට භාජනය කිරීමටත් ඒවාට විසඳුම් සෙවීමටත් සමුළුව මහෝපකාරී වේ. මේ සඳහා කම්කරු පන්ති නියෝජිතයින් ගණනාවක්සහභාගි වීම තුල ලාංකික වැඩකරන පන්තියට සුවිශාල සේවාවක් අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ නමුත් සේවා යෝජක අපේක්ෂාවන් වෙනුවෙන් වෙනාදා මෙන් මෙවරත් සහබාගී වන්නේ එක් සේව්‍ය නියෝජිතයකු පමණි. තම සමස්ථ සේව්‍ය ප්‍රජාවගේ අපේක්ෂාවන් ඔහු විසින් තනිවම ඉටු කිරීම සුවිශේෂී මෙන්ම මෙම සංචාරයේ බර පැන උසුලන මහජනයාටද මහත් සහනයකි.
වැඩකරන ජනතාවගේ නියෝජිතයින්
(ජන්ද හිමි නිල නියෝජිතයා)
(උපදේශක සහ ආදේශක ජන්ද හිමි නිල නියෝජිතයා)
(උපදේශකයින් )
සහභගි වන අමාත්‍යවරුන්
අමාත්‍යතුමන් සමග යන අයවලුන්
රජයේ නියෝජිත මණ්ඩලය
(ජන්ද හිමි නිල නියෝජිතයින්)
(උපදේශකයින්)
සේවායෝජක නියෝජිත
(ජන්ද හිමි නිල නියෝජිතයින්)
සමුළුව පිලිබඳ වැඩි විස්තර සඳහා wedabima.lk සමග නිරතුරුව රැඳී සිටින්න
වැඩබිම
