ප්‍රියන්තගේ මරණයේ උණුසුම යන්නටත් පෙර පකිස්ථානයේ තවත් අමානුෂික ඝාතනයක්

ප්‍රියන්තගේ මරණයේ උණුසුම යන්නටත් පෙර පකිස්ථානයේ තවත් අමානුෂික ඝාතනයක්
පකිස්තානයේ පන්ජාබ් පළාතේදී ආගමික ග්‍රන්ථයක් අපකීර්තියට පත් කළ බව පවසමින් මැර පිරිසක් විසින් පුද්ගලයකු ගල් ගසා මරාදමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ප්‍රියන්ත කුමාරගේ මරණයේ උණුසුම යන්නටත් මත්තෙන්, පාකිස්ථානයේ සිදුවූ ඛේදජනක සිද්ධියක් ලෙසයි මෙය වාර්තා වෙන්නේ.
 


 
වැඩබිම තවත් පුවත් කියවන්න... 
 
 
 
 
 


මෙලෙස මරණයට පත්කර ඇත්තේ මානසික රෝගී තරුණයෙකු  වන අතර පසුගිය සෙනසුරාදා සවස ඛානේවාල් දිස්ත්‍රික්කයේ ජන්ගල් ඩෙරවාලා ගම්මානයේ මෙම සිදුවීම සිදුව තිබේ.
 
මරණයට පත්කිරීමෙන් අනතුරුව මෙම තරුණයාගේ ශරීරය මැර පිරිස විසින් ගසක එල්ලා තිබී හමුව තිබෙන බවයි එරට පොලීසිය සඳහන් කරන්නේ.
 

මෙම සිදුවීම පකිස්ථානයේ දැඩි ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.