රුමේනියා සිහිනය ජයගත් ලක් තරුණයින් දෙදෙනෙක්ගේ ජීවිතය අකලට මිලිනවෙයි
රුමේනියා සිහිනය ජයගත් ලක් තරුණයින් දෙදෙනෙක්ගේ ජීවිතය හදිසි අනතුරක් හේතුවෙන් එරටදී අහිමිවී තිබේ.
රුමේනියාවේදී සිදුවූ රිය අනතුරකින් මෙම තරුණයින් මරණයට පත්ව තිබෙන අතර ආරාඩි හෝරියා ප්‍රදේශයේ මාර්ගයකදී ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අසේල බණ්ඩාල සහ ගයාන් සම්පත් නැවති විවාහක පුද්ගලයින් දෙදෙනෙකි. 42 හැවිරිදි වියේ පසුවූ අසේල බණ්ඩාර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ගයාන් සම්පත් බේරුවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක්දරු පියෙකි.
ඔවුන් දෙදෙනා රුමේනියාවේ කර්මාන්තශාලාවක සේවය කරමින් සිට තිබේ.