ගෘහ සේවයට එතෙර ගොස් අපා දුක් විඳින ලාංකික කතුන්

ගෘහ සේවයට එතෙර ගොස් අපා දුක් විඳින ලාංකික කතුන්
ඕමානයේ ගෘහ සේවයට ගොස් එරටදී තමන්ට මුහුණ දීමට සිදුවූ ලිංගික හිංසන පිළිබඳවා ලාංකික කාන්තාවක් මාධ්‍ය වෙත සිය තොරතුරු පසුගියදා හෙළිකර තිබේ.
 
එසේම සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත ගෙන ගොස් එරටදී සිරකරගෙන සිටි කාන්තාවන් සම්බන්ධයෙන්ද පසුගියදා මාධ්‍ය තොරතුරු හෙළිකර තිබූ අතර ඉන් අනතුරුව ඩුබායිහි ලක් තානාපති කාර්යාලයෙන් එම කාන්තාවන් දිවයිනට ගෙන්වා දීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන්.
 

 
 
 
 
 
 


ගෘහ සේවිකාවන් ලෙස මෙරටින් මැදපෙර දිග රටවල සේවයට යන ලාකික කාන්තාවන්ට සිදුවෙන නොයෙකුත් හිරිහැර,තාඩන පීඩන දිගින් දිගටම වාර්තාවෙන නමුත් ඊට තවමත් නිසි විසඳුමක් හෝ පිළිතුරක් නොමැතිවීම ඛේදනීය තත්ත්වයකි.