ලාංකිකයින් බහුතරයකට කටාර්, ඩුබායි, කුවේට් රැකියා අවස්ථා ලැබෙයි

ලාංකිකයින් බහුතරයකට කටාර්, ඩුබායි, කුවේට් රැකියා අවස්ථා ලැබෙයි
ගෙවුණු මාස හයට ගුවන් ගමන් බලපත්‍ර තුන් ලක්ෂ දොළොස් දහසක් ලබාගෙන ඇතත් ඒවා භාවිත කර මෙවනවිට පනස් දෙදහසක් පමණ පිරිසක් විදේශගතවී තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  නිවේදනය කර තිබේ.
 
එසේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගත් පිරිසෙන් බහුතරයක් කටාර්, ඩුබායි, කුවේට් යන රටවල්වල රැකියා සඳහා දැනටමත් විදේශගතව තිබෙන බවත් සඳහන්.
 
මේවනවිට එක්දින සේවය යටතේ මේ දිනවල ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දැඩි තදබදයක් ඇති අතර දිනකට එම සේවාව යටතේ දහසකට පමණ ගුවන් ගමන් බලපත්‍ර නිකුත්කරන බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


 
 


 
කෙසේ වෙතත් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට තුන් දහසක්, හාරදහසක් අතර ප්‍රමාණයක් ආගමන විගමන කාර්යාලයට  පැමිණෙන අතර  හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාණයද වැඩිකිරීමට සිදුව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.