රැකියා අපේක්ෂකයින්ට සුබ ආරංචියක් -සතියෙන් සතිය කොරියාවට යැවීමේ සැලසුමක්

රැකියා අපේක්ෂකයින්ට සුබ ආරංචියක් -සතියෙන් සතිය කොරියාවට යැවීමේ සැලසුමක්

කොරියානු රැකියා අපේක්ෂකයින් ට මේ වන විට වීසා බලපත්‍ර 1125ක් සූදානම් බවත් සතියකට ශ්‍රමිකයින් දෙසීය පනහක් කොරියාව බලා පිටත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ ගැටලු සාකච්ජා කිරිම සඳහා කොරියානු මානව සම්පත් අංශයේ නිලධාරින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් හා කොරියානු රැකියා අපේක්ෂකයින් අතර පසුගිය (09) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති විශේෂ හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේ ය

කොරියානු රැකියා අපේක්ෂිතයින් සඳහා වීසා අයදුම් කිරීම සඳහා පැවති ප්‍රමාදයන් වැළැක්වීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගණනය කර ඔවුන්ට ඉලක්ක හා දිරිදීමනා ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.



කොරියානු රැකියා අපේක්ෂකයින්ට වැදගත් තවත් පුවත් කියවන්න....

 



 

කොරියානු විභාග පැවැත්වීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් නව මධ්‍යස්ථානයක් ලබාදෙන බවත්, ඉදිරි වසරේදී කොරියානු රැකියා අවස්ථා වැඩි කරගැනීම සඳහා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කීවේය.