ශ්‍රී ලංකා - දෝහා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්!

ශ්‍රී ලංකා - දෝහා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්!
ශ්‍රී ලංකා - දෝහා තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින්ට වැදගත්වෙන විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව කොන්සියුලර් හා කම්කරු සම්බන්ධ සේවාවන් ලබා ගැනීමේ පහසුව සැලසීම උදෙසා නැවතත් සෑම මසකම දෙවන හා හතරවන සිකුරාදා දිනයන්හි පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා මෙම තානාපති කාර්යාලය විවෘතව පවතින බව කාරුණිකව  දැනුම්දී ඇත.
 
2022 සැප්තැම්බර් මස පහත සඳහන් දිනයන්හීදී මෙම තානාපති කාර්යාලය විවෘත කෙරේ.
 
විවෘතව තැබෙන වේලාවන්
 
2022 සැප්තැම්බර් 09 ; පෙ.ව. 9.00 - දහවල් 12.00
 
2022 සැප්තැම්බර් 23 ; පෙ.ව. 9.00 - දහවල් 12.00