මේ අවස්ථාව අභ්‍යාසලාභී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් ඔබ සඳහායි

මේ අවස්ථාව අභ්‍යාසලාභී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් ඔබ සඳහායි

2020/21 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකරමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ද 02/2021(i) චක‍්‍රලේඛයට ඇතුලත් කරන් ලෙස ඉල්ලීමක් කර තිබේ.


එහි සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි...

 

ලේකම්,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය,
කොළඹ 07.
 
ලේකම්තුමනි,
 
2020/21 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් සම්බන්ධවයි.
 
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ : 02/2021(i) සම්බන්ධවයි. පවතින කොවිඞ් – 19 වෛරස් තත්වය සැලකිල්ලට ගෙන ඔබතුමා විසින් අද දින (27) රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් ඉදිරිපත් කර ඇත.
 
01. මෙම චක‍්‍රලේඛය 2020 සහ 2021 බදවාගෙන දැනට පුහුණු කටයුතු කරන අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සහ ඩිප්ලෝමාධාරීන්ට ද අදාළ වන සේ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
 
02. විශේෂයෙන් පසුගිය අවස්ථාවේ ද ඔබ අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන චක‍්‍රලේඛ වලට අදාළ  කරුණු අභ්‍යාසලාභීන් විෂයෙහි කි‍්‍රයාත්මක නොවන තත්වයක් මතු විය. ඒ බව එම අවස්ථාවල දැනුම්වත්  කරනලදී. මෙම දිනවල පවා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පුහුණුව ලබන අභ්‍යාසලාභීන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ නොමැතිව කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පවතී. එය බරපතළ තත්වයකි.
 
03. මේ පිළිබදව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකොට මෙම චක‍්‍රලේඛය අභ්‍යාසලාභීන්ටද අදාළ  කරගන්නා ලෙස ආයතන ප‍්‍රධානින් වෙත උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි,
මෙයට,
ලක්මාල් දිසානායක,
සභාපති,
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය.