රාජ්‍ය සේවයේ විභාගයක් සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

රාජ්‍ය සේවයේ විභාගයක් සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී එම විභාගය පැවැත්විය.

මේ අතර රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල හා ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගවල ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.