මැයි මස පැවැත්වීමට තිබූ විභාග ගැන විභාග දෙපාර්තමේනතුව තීරණයක

මැයි මස පැවැත්වීමට තිබූ  විභාග ගැන විභාග දෙපාර්තමේනතුව තීරණයක

විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

දිවයිනේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කළේ.

කල් දැමූ සියලුම ආයතනික විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ සඳහන්.

සබැඳි ලිපි: 

මැයි මාසයට අදාළ රජයේ විභාග දින ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙයි