ප්‍රොටෙක්ට් සංගමයේ ජාත්‍යන්තර ගෘහ සේවක දිනය සැමරුම් වැඩසටහන අද

ප්‍රොටෙක්ට් සංගමයේ ජාත්‍යන්තර ගෘහ සේවක දිනය  සැමරුම් වැඩසටහන අද

ජූනි 16 වනදා ජාත්‍යන්තර ගෘහ සේවක දිනය. මෙවර ජාත්‍යන්තර ගෘහ සේවක දිනය ඉතා සුවිශේෂී දිනයක්. ඒකට හේතුව තමයි මීට අවුරුදු 10 කට කලින්, ඒ කියන්නේ 2011 අවුරුද්දේ ජූනි 16 වෙනිදා මේ ලෝකයේ අවිධිමත් අංශයේ රැකියා සිදු කරන කිසිදු යහපත් රැකියා කොන්දේසියකට හිමිකම් නොකියූ කම්කරුවන් කොටසකගේ ජිවිත වෙනස් කරන ලියවිල්ලක් ලෝකෙට නිත්‍යානුකුලව සම්මත වෙනවා. ඒක තමයි ILO C189 ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය ජයග්‍රහණය කර වසර 10ක්. මේ අභිමානවත් වසර 10 තුළ රටවල් 32  ක්  ඒ අදාළ වරප්‍රසාද භුක්ති විඳිනවා.

මේ පිළිබඳව මෙම සතිය තුළ ජාත්‍යන්තර ගෘහසේවක සම්මේලනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ අනෙකුත් ගෘහස්ත කම්කරු සංවිධාන සහ ගෘහ සේවකයන් විවධ වැඩසටහන් පැවැත්වීම දක්නට ලැබුණා. සතුටින් ඉපිලයමින් එම ඉතිහාසික දිනය පිළිබඳව මතකයන් අවදි කරනවා අපිඅට දැකගන්න හැකි වුණා. ඒ වගේම අපරානුමත නොවූ රටවලට තවත් ශක්තිමත් වීමට සහ අපරානුමත කර ගැනීමට අවශ්‍යවන උද්යෝගය ඇති කළා. අද දවසත් එහෙම දවසක්. ප්‍රොටෙක්ට් සංගමය වසර 4ක ට ආසන්න කාලයක් තුළ ගෘහස්ත කම්කරුවන් සංවිධානය කිරිම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන සහ ගෘහස්ත කම්කරුවන් සඳහා 189 අපරානුමත කර ගැනීමට, යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීමට ගෘහස්ත කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ  ක්‍රමයක් දිනා ගැනීමට දිනෙන් දින වර්ධනය වෙමින් සටන් කරන වෘත්තීය සමිතියක්.

මෙවර වැඩසටහනේ තවත් විශේෂත්වයක් ඇත. එනම් පළමු වතාවට ප්‍රොටෙක්ට් සංගමය ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග එක්ව ගෘහ සේවක දිනය සැමරුම් වැඩසටහනක් පැවැත්වීමයි. මෙවර එහි තේමාව වන්නේ “ගෘහ සේවකයින්ද අයිතිවාසිකම් සහිත සේවකයන් පිරිසක් බවට පත් කරමු.” යන්නයි. ගෘහසේවකයන් සඳහාද සුනිසි රැකියා යතාර්ථයක් බවට නො එසේ නම් යහපත් ජිවන තත්ත්වයක් ළඟා කරගත හැකි රැකියාවක් බවට පත් කර ගැනීම අපගේ  ඒකායන අරමුණ යි.

ILO ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාල වල අධ්‍යක්ෂ සිම්රින්ග් සිං, ILO තාක්ෂණ නිළධාරී  අධ්‍යක්‍ෂ කෙලේරා හෝබ්ඩන්,ජාත්‍යන්තර  ගෘහ සේවක සම්මේලනයේ අසියා ෆැසිෆික් සංවිධායක  අයි පී ෆිෂ්, සොලිඩරිටි සෙන්ටර් ශ්‍රීලංකාවේ අධ්‍යක්ෂක  ඇලන්සෝ සුසන් යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනේ මුලසුන හොබවනු ඇත, අද දවසේ ප්‍රධාන දේශනය නීතිඥ ශ්‍යාමලී රණරාජා මහත්මිය විසින් සිදු කරනු ඇත.


වැඩබිම තව පුවත් කියවන්න...

C190 අපරානුමතකර ගැනීමේ අවශ්‍යතාවය ගැන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියෙන් දැණුවත් කිරීමක්

ප්‍රොටෙක්ට් සංගමයෙන් පීඩාවට පත්වූ ගෘහස්ථ සේවක කම්කරුවන්ට සහන

ගෘහ සේවකයින්ද අයිතිවාසිකම් සහිත සේවක පිරිසක් බවට පත් කරමු


ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයින් සහ සාමාජිකයින්, රජය නොවන සංවිධාන,  සිවිල් සමාජ සංවිධාන සහ  ක්‍රියාකාරකයින්, වෘත්තීය වේදීන් සහ ගෘහස්ත කම්කරුවන් ඇතුළු කම්කරුවන්  සම්බන්ධ වන මෙම වැඩසටහ සඳහා ඔබටත් සම්බන්ධ විය හැකිනම් එය ශ්‍රී ලංකාවේ ගෘහස්ත කම්කරුවන්ට ශක්තියක් වනු ඇත.

 189 ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කරගැනීමට පෙළ ගැසෙමු.!

ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් පෙලගැසෙමු!

ගෘහ සේවකයින්ද අයිතිවාසිකම් සහිත සේවකයන් පිරිසක් බවට පත් කරමු.!

පහත ලින්ක් එක භාවිත කර වැඩසටහනට සම්බන්ධ විය හැකිය.

https://us02web.zoom.us/j/84979102505?pwd=ODdoVTRuTkU4RVhXamkySUdiVDd5dz09

DW Day Zoom Poster4