ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් වලින් බදු අය කිරීම ගැන කම්කරු ඇමතිත් විරුද්ධයි 

ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් වලින් බදු අය කිරීම ගැන කම්කරු ඇමතිත් විරුද්ධයි 
සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපනයට විරුද්ධවීමට අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
 
අද (09)  පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ අදහස් පළකර තිබේ.
 
තමාගේ තීරණය මහාභාණ්ඩාගාරයට සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා එම බදු මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.


තවත් පුවත් කියවන්න...
 
 
 
 
 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
 
එම අර්ථ නිරූපනය වැරදි හෙයින් එය නිවැරදි කළ යුතු බවද,  මේ සම්බන්ධයෙන් වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්නම් එය වෙනම විවාද කළ යුතු කාරණයක් බවද  ඔහු පැවසුවේය.
 
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලින් මෙලෙස බදු අය කිරීමට විරුද්ධ වන බවයි.
 
ට්‍රිලියන 3ක මූල්‍යමය වටිනාකම් සහිත මෙම අරමුදල්වල  ලාභයවූ බිලියන 250 ට සියයට  5 බැගින් බදු ගසා බිලියන 65ක මුදලක් තම ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනතාව දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල්  මෙලෙස පික්පොකට් ගැසීම කිසිසේත්ම අනුමත නොකරන බවත්  ඔහු පැවසුවේය.
 

සුරතලුන්ගේ ව්‍යාපෘතිවලට මෙලෙස ජනතාවගේ මුදල් ලබාදීම මහ දවල් සිදුවන මහ මංකොල්ලයක් බවට විපක්ෂනායකවරයා  චෝදනා කළේය.