එක්වෙමු! පන්නමු!! ගොඩ එමු!!! - වෘත්තීය සමිති මැයි රැලිය සහ මැයිදින පෙලපාලිය

එක්වෙමු! පන්නමු!! ගොඩ එමු!!! - වෘත්තීය සමිති මැයි රැලිය සහ මැයිදින පෙලපාලිය

 රට නිවැරදි පීල්ලක තබා ගැනීම වෙණුවෙන් වැඩකරන ජනතාව පෙල ගැස්වීම වෘත්තීය සමිති මැයි රැලියේ අරමුණයි.

රට අරාජිකවෙමින් පවතින, බංකොලොත් රටක පුරවැසියන් ලෙස වෘත්තීය සමිති මැයි දිනය අයිතිවාසිකම් වලට වඩා වගකීම් වෙනුවෙන් කැප කිරීමට අපට සිදු වී ඇත.

බෙදී වෙන්වෙමින්, නැවත බලයට පත්වීම පමණක් එකම අරමුණ කර ගනිමින් සිටින දේශපාළකයින්, සිටින රටක, රටේ මලකුණ පවා සිය දේශපාළණ බලය වෙණුවෙන් විකුණාගෙන කෑමට සැලසුම්.කරමින් සිටින දේශපාළණ නායකයින් සිටින රටක, වෘත්තීය සමිති ලෙස වඩාත් පුළුල්.බලවේගයක් වෙනුවෙන් එක්වීම මේ මොහොතේ අපට පැවරී ඇති වගකීමකි. එම වගගීම ඉටු නොකරමින් දේශපාළකයන්සේම කුලල් කා ගැනීමට වෙර දරමින් සිටින ඇතැම් වෘත්තීය සමිති සහ සමිති නායකයින් ඉතිහාසයේ කුණු බක්කියට දමමින්, වැඩකරන ජනතාවගේ "එක්වීම" වෙනුවෙන් අප කැප වන්නෙමු.

රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ අදූරදර්ශී හා උද්දච්ච පාලන ක්‍රමය, රටට අත්වී ඇති ඉරණමට සෘජුවම වග කිව යුතුය. එය ස්වාභාවික ව්‍යසනයක් හෝ සාමාන්‍ය තත්වයක් ලෙස හෝ බැහැර කිරීමට අපට.කිසිසේත්ම නොහැකිය. එසේම මෙකී අර්බුධය වනාහී වසර 74ක පාළණ ක්‍රමය හෝ ධනවාදයේ, සමාජවාදයේ හෝ මහා පරිමාණ වරදකට ගාල් කිරීම මගින් රාජපක්ෂ පාළණයේ අත්තනෝමතික, අසමත් පාළණය ගලවා ගැනීමේ ගැටයට අප හසුවන්නේද නැත. රට වලක ඇද දැමීමට සෘජුවම වගකිවයුතු පාර්ශවයක් ඇත. ඔවුන් ගෙදර යා යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන ලෙස ඉල්ලමි සිදු කරන සාමකාමී ජන අරගලයට සති තුනකට වඩා වැඩි කාලයක් ගත වී ඇත. මහින්ද ගෝඨා, බැසිල් සහෝදර දේශපාළණ සමාගම, ඒ වෙනුවෙන් දේශපාළණ දාදු කෙලියේ නියැලෙනවාට වඩා වැඩි යමක් මෙතෙක් සිදු වී නොමැති බැවින්, ඔවුන් "පැන්නීම" වැඩකරන ජනතා පන්තියේ උරමතට පැටවී ඇති වගකීමකි.



වැඩකරන ජනතාව ලෙසත්, වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත්, සාම්ප්‍රදායික මැයිදිනයකදී ඉල්ලන ඉල්ලීම්, ශ්‍රී ලංකාව තුල තවදුරටත් වලංගු වන්නේද යන වග අප තවදුරටත් අපෙන්ම විමැසිය යුතුය. එසේම ඉල්ලන්නට තරම් වගකිවයුතු රාජ්‍යක් හෝ වගකිවයුතු නායකයෙකු සිටින රටක් අපට දැන් නැත. අප තෝරාගෙන ඇති ආණ්ඩුව සේම එහි විකල්පය ලෙස පවතින විපක්ෂයද වගකීම් දරන හෝ  දැරිය හැකි බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවට ගෙදර යන්නට බල බල කරන අතිමහත් බහුතර ජන මතය පාර්ලිමේතුව තුල පරිවර්තනය කර ගැනීමට හැකි නායකයෙකුද අපට නැත. ඒ වෙණුවට අප තෝරා පත්කර ඇත්තේ, ව්‍යාවස්ථාව තුල සැගවෙමින්, නොහැකියාව වසා ගන්නා විකල්ප නායකයන්ය.

ඒ නිසාම "ගොඩ ඒම" සදහාද සම්ප්‍රදායෙන් ඔබ්බට යමින්, ජනමතයට නායකත්වය දීම වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගකීමකි.

සම්ප්‍රදාය පරදවමින්, රට වෙනස්කරන වැඩ කරන ජන බලය පෙල ගස්සවමු!

වෘත්තීය සමිති මැයි රැලිය සහ පෙලපාලිය

එක් වෙමු! පන්නමු!!! ගොඩ එමු!!!

  • මැයි පෙළපාලිය

උදේ 10ට

රීගල් වට රවුමේ සිට විහාරමහදේවී උද්‍යානය දක්වා

  • මැයි රැලිය

කොළඹ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී

රවි කුමුදේශ්, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය