යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත සහ වෛද්‍ය චමල් සංජීව අතර හදිසි හමුවීමක්

යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත සහ වෛද්‍ය චමල් සංජීව අතර හදිසි හමුවීමක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් මන්ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සහ යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකා ප්‍රධානී christian skoog  මහතා අතර විශේෂ හමුවක් අද unicef  ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

ශ්‍රී ලංකාව තුල දෛනිකව ඉහළ යන දරිද්‍රතාවය සමඟ කුඩා දරුවන් පාසල් දරුවන් ගර්භනී මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් මුහුණපාන පෝෂණ ගැටලු මැඩ පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය දිගටම ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කොට තිබිණි.

හම්බන්තොට වැල්ලවාය මොනරාගල බිබිල උතුරු නැගෙනහිර නුවරඑලිය ආදී අඩු ආදායම්ලාභී කලාපවල දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දී ඇත.

තමන් ශ්‍රී ලංකා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වමින් අඛණ්ඩව සහාය ලබාදෙන බව යුනිසෙෆ් ප්‍රධානී මෙහිදී පවසා ඇත.

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ දී දේශපාලකයන්ගේ සුජාතභාවය විශාල ගැටලුවක් වී ඇති බැවින් ශ්‍රී ලංකාවට ඇතැම් අවස්ථා වල දී විදේශ ආධාර ලබා දීමේ ගැටලු පවතින බව ජනමාධ්‍ය මගින් හෙලිවන නමුත් සාමාන්‍ය මහජනතාව දේශපාලකයන්ගේ  වැරදිවලට වගඋත්තරකරුවන් බවට පත් වීම අවශ්‍ය නොවන හෙයින් විනිවිදභාවයකින් හා විමර්ශනයකින් යුක්තව ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන මානුෂීය ආධාර ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යෑම සඳහා ජ්‍යාන්තර සහය ශ්‍රී ලංකාවට යොමු කරන ලෙසද වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සේවයේ ගැටළු සාකච්ඡා කිරීම මේ වන විට අපරාධයක් බවට පත්ව ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී පෙන්වා දී ඇති අතර තම ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට දේශපාලකයින් හා  ඉහළ නිලධාරීන් එල්ලවන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ද මෙහි දී බාර දී ඇත .එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හා යුනිසෙෆ් ආයතනයේ ජාත්‍යන්තර ප්‍රධාන කාර්යාල අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ඒ මහතා ඉල්ලා ඇති අතර අදාළ කටයුතු හැකි ඉක්මනින් සිදු කොට ශ්‍රී ලංකාවේ මානවීය  කටයුතු සඳහා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තිය සන්ධානය සිදුකරගෙන යන කටයුතු සම්බන්ධයෙන් සහයෝගය ලබා දීමටද කැමැත්ත පළ කොට ඇත.

අභියෝග මැද ඉදිරියට ගමන් කොට ශ්‍රී ලංකාවේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය ගෙන යන ප්‍රයත්නය යුනිසෙෆ් ශ්‍රී ලංකා ප්‍රධානියාගේ ඇගයීමට පාත්‍ර වී ඇත.

සබැඳි පුවත්