වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට

වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට

රාජ්‍ය සේවා කොමිසන් සභාව හා සංක්‍රමණය ලේකම්වරයා විසින් ආයතන සංග්‍රහය ඉතා අපැහැදිළි වගන්තියක් භාවිතා කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු හා මාධ්‍ය ලේකම්වරයා වන තමාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණයක් මුලික යිතිවාසිකම් කඩවීමක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී  චමල් සංජීව මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිතය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිදු කරනු ලැබූ සමාජ සමීක්ෂණයක් පදනම් කොට ජනමාධ්‍ය පලවු වාර්තා ඉතා වැරදි සහගත සහ පක්ෂග්‍රාහී ලෙස විශ්ලේෂණය කරමින් විමර්ශන වාර්තාවක් සකස් කරමින් එම විමර්ශන වාර්තාව හරහා වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මන්දපෝෂණය ගැන කළ හෙළිදරව්වෙන් පසුව රජය සහ අර්ධ රාජ්‍ය අංශයද ජාත්‍යන්තරයේ ද අවධානය ශ්‍රී ලංකාව හිමිවු  අතර එමගින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ ආධාර ලබා ගැනීමටද හැකියාවක් ලැබුණි.

වෛද්‍ය චමල් සංජීව මහතා මීට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර මෙම සතියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ යුනිසෙෆ් ආයතනයට ද ස්වකීය නීතිඥයින් මාර්ගයෙන් පැමිණිලි කිරීමට නියමිතය.

සබැඳි පුවත්