දුම්රිය වර්ජනය අවසන් කරන්නට සහාය දුන් සැමට කරු ජයසූරිය මහතා ස්තුතියි කරයි

දුම්රිය වර්ජනය අවසන් කරන්නට සහාය දුන් සැමට කරු ජයසූරිය මහතා ස්තුතියි කරයි

දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිම සඳහා ගෞරවාන්විත ප්‍රවේශයකට යොමු වූ සියළුම පාර්ශවයන් වෙත ස්තුතිය පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ගිය වෘත්තීය අරගලය ගෞරවාන්විත විසදුමක් කරා ප්‍රවේශ කරවීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීම පිළිගැනීම ගැන අදාල සියළුම පාර්ශවයන් වෙත අපි අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

දින දෙකක් පුරා ඇදි යමින් පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් කරමින් ගෞරවාන්විත විසදුමකට ප්‍රවේශ වන ලෙස අප සංවිධානයේ ගරු සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමා අදාල සියළු පාර්ශ්වයන් වෙත ආරාධනා කරන ලදි. ඒ් අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ප්‍රවාහන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු දෙපාර්ශවයම කරු ජයසූරිය මහතාගේ නිවසට රැස්ව දෙපාර්ශවයට ම ගෞරවාන්විත ලෙස ප්‍රවේශ විය හැකි විසදුමක් පිළිඳව සාකච්ඡා කරන ලදි.

ඒ් අනුව ජුනි 11 වන දා රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කරමින් එකඟත්වයකට පැමිණිමට හැකි වූ අතර තවමත් නොවිසදුණු ප්‍රශ්න ගණනාවකට ද සාධාරණ හා ගෞරවාන්විත ප්‍රවේශයකට යොමුවීම සඳහා දෙපාර්ශවයම එකඟත්වයක් ඇතිකර ගන්නා ලදි.

මෙම එලැඹුම ඉතාමත් අගය කරන අප සංවිධානය එය මේ රටේ අනෙකුත් වෘත්තීය සමිති හා සටන් මධ්‍යස්ථානයන් හි අවධානයට ලක් වේවායයි  ප්‍රාර්ථනා කරන්නෙමු.  

එමෙන් ම ගෞරවාන්විතව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගැනීම සඳහා ප්‍රවේශවීම පිළිබඳව ගරු ප්‍රවාහන අමාත්‍යතුමාට, ගරු රාජ්‍ය අමාත්‍යතුමාට සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති  ඇතුළු සියළුම දෙනා‌ වෙත සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

සබැඳි පුවත්