දින 10 කදී පාස්පෝට් 31,000 ක් නිකුත් කරයි

දින 10 කදී පාස්පෝට් 31,000 ක් නිකුත් කරයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මස මුල් දින 10 තුළ විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඒ අනුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 3,000 කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් සාමාන්‍ය කාලයකදී නම් දින 10 කදී නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 10,000 ක් පමණ වන බවත් පියුමි බණ්ඩාර මහත්මිය කීවාය.