පාස්පෝට් 2,7000ක් විනාශ කිරීමෙන් කෝටියක පාඩුවක්

පාස්පෝට් 2,7000ක් විනාශ කිරීමෙන් කෝටියක පාඩුවක්

භාවිතයෙන් ඉවත් කෙරුණු  වර්ග අටක ගමන් බලපත්‍ර   විසි හත් දහස් පන් සිය තිස් නවයක්   2020 වර්ෂයේදී විනාශ කිරීමෙන් රුපියල් කෝටියකට ආසන්න  පාඩුවක් සිදුවී  ඇතැයි  කෝපා කමිටුව පවසයි.

මෙම ගමන් බලපත්‍ර භාවිතයෙන් ඉවත් කර ඇත්තේ  2018 වර්ෂයේදීය. මෙයට අමතරව ලක්ෂ 55 කට අධික  වටිනා තවත් ගමන් බලපත්‍ර තොගයක්ද  භාවිතයෙන් ඉවත් කර ඇතැයි  එම කමිටුවේ විමර්ශනවලදී  තොරතුරු  හෙළිදරව්වී  ඇත.




මෙහිදී කමිටුව කළ විමසුම්වලදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්  පවසා ඇත්තේ විවිධ හේතු මත වසර ගණනාවක් තිස්සේ එකතුවූ පැරණි ගමන් බලපත්‍ර  මෙලෙස විනාශ කළ බවයි.

එසේම මැදපෙරදිග රටවල් සඳහා නව ගමන් බලපත්‍රයක් හඳුන්වාදීම නිසා පැරණි  ගමන් බලපත්‍ර භාවිතයෙන් මෙලෙස  ඉවත් කිරීමට සිදුවූ බවද  එම  නිලධාරීන්  සඳහන් කර ඇත.