පාස්පෝට් ඉල්ලුම දෙගුණයකින් ඉහළ යයි

පාස්පෝට් ඉල්ලුම දෙගුණයකින් ඉහළ යයි

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දිනක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඊයේ  (8) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර 2,500 ක් නිකුත් කළ බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව මීට පෙර දිනකදී විදෙස් ගමන් බලපත්‍ර 1200 ක් පමණක් නිකුත් කළ ද සති දෙකක පමණ සිට දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කළ ද දිනකට වේලාවක් ලබාදී පුද්ගලයන් 1000 ක් පමණ හරහා යැවීමට සිදුවන බවත් බණ්ඩාර මහත්මිය කීවාය.



ජනතාව දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීම මෙම තත්වයට හේතුව බව කී පියුමි බණ්ඩාර මහත්මිය ජනතාව වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව ගමන් බලපත්‍රය ලබාගැනීමට නොපැමිණි ලෙස ද ඇය ඉල්ලා සිටින්නීය.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගමන් බලපත්‍ර නිකුත් කිරීම පෙරවරු 6.15 ට ආරම්භ කර රාත්‍රී 10.00 ට අවසන් කිරීමට සිදුව ඇති බවත් ඇය වැඩි දුරටත් කීවාය.