හවුති කැරළිකරුවන් සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට පසුගියදා ප්‍රහාර එල්ල කර කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර මෙලෙස එල්ලවී තිබෙන අතර ප්‍රහාර හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි කිහිපයකට දැඩි අලාභහානි සිදුව තිබෙන බවත් වාර්තා වෙයි.
ප්‍රහාර හේතුවෙන් කිසිඳු පුද්ගලයෙකුට තුවාල වීමක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති බවත් පුවත් වාර්තා උපුටා දක්වන අතර දේපළ හානි පමණක් සිදුව තිබෙන බව සඳහන්.
මෙම ප්‍රහාර සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ගෑස් හා තෙල් ගබඩා සහ ජල පවිත්‍රාගාරයක් ඉලක්කකරගනිමින් එල්ලකර තිබෙන අතර ඉන් සෞදි අරාබි ඩයිල් කොම්පැනි නමැති සමාගමට දැඩි හානි සිදුව තිබේ.
ප්‍රහාරවලින් සමාගම සතු පෙට්‍රල් ගබඩාවක් ගිනිගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් උත්සහ දරමින් සිටියි. මෙලෙස ආර්ථික මරමස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් රට අවස්ථාවර කිරීම හවුති කැරළිකරුවන්ගේ උපායමාර්ගය බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
