හොර පාරෙන් රට යන්න හැදූ 91ක් පොලිසි දැලේ

හොර පාරෙන් රට යන්න හැදූ 91ක් පොලිසි දැලේ

නීති විරෝධී ලෙස විදෙස් රටකට  සංක්‍රමනය වීමට  උත්සහ කළ පුද්ගලයන් 91  දෙනකු  මාරවිල ලැගුම් හලකින් සහ හලාවත මුහුදු ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මාරවිල පොලිසිය හා  නාවික හමුදා එක්ව ඊයේ (8)   මාරවල  ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේ  නීති විරෝධීව සංක්‍රමනයවීම සදහා එහි රැඳී සිටි 15  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර  නාවික හමුදාව  ඊයේ රාත්‍රියේ හලාවතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බහුදින යාත්‍රාවකින් මෙරටින්  සංක්‍රමය වීමට උත්සහ කළ තවත් පුද්ගලයන් 76  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.




ලැගුම් හලින් අත්අඩංගුවට ගත් පිරිස යාපනය, ත්‍රිකුණාමලය,  මුලතිව්   සහ මාරවිල යන  ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් මාරවිල පොලිසියට බාර දී ඇත.

හලාවත මුහුදේ දී අත්අඩංගුවට ගත් පිරිස මීගමුව, හලාවත, පුත්තලම,  කල්පිටිය,  මුලතිව්,  කිලිනොච්චි,  ත්‍රිකූණාමලය   යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන් කොළඹ වරාය  පොලිසියට බාර දී ඇත.