මාර් තු 01 වර් ජන හා විරෝධතා

මාර් තු 01 වර් ජන හා විරෝධතා

රාජ්‍ය අංශය, අර්ධරාජ්‍ය, පෞද්ගලික හා වතු වෘත්තීය සමිති විසින් මාර්තු 01දා වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති සේවකයින් හට, ලයිට් බිල්, වතුර බිල්, බැංකු පොළි වැඩිකර ඔවුන් දැඩි පීඩනයකට ලක් කර ඇති බවත්, වහාම මෙම බදු අඩු කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යන බවත්, ලබාගත් ණය සඳහා බැංකු පොළිය අඩු කිරීම, මාසිකව උපයන විට බද්ධ සංශෝධනය කිරීම, විශ්‍රාම වැටුප වහාම ගෙවීමට පියවර ගැනීම, සෞඛ්‍ය පහසුම් ලබාදීම, රාජ්‍ය දේපළ විකිණීම හා ඡන්ද අයිතිය ලබාගැනීම කරුණු මුල්කර ගනිමින් විරෝධතාවය හා වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් වෘත්තීය සමිති නායකයින් පවසා සිටියා.

සබැඳි පුවත්