උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ දීමනා සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැදගත් නිවේදනයක්!

උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ දීමනා සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් වැදගත් නිවේදනයක්!
රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 වැඩසටහන යටතේ රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරු හා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමුකර තිබේ.
 
 
11
 
 
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන පරිදි රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 වැඩසටහන යටතේ රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන් බහුතරයකට ඒකාබද්ධ සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022.01.03 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දී තිබෙන අතර 2022.04.01 වෙනි දින ඉහත පරිදි ස්ථීර පත්වීම් ලැබීමට නියමිත අභ්‍යාසලාභීන් ද ඔවුන්ගේ ස්ථීර පත්වීම් ලැබීමට නියමිත සේවා ස්ථානවලට අනුයුක්ත කර තිබෙන බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පෙන්වා දෙයි.


අභ්‍යාසලාභී උපාධිධාරීන්ට වැදගත් තවත් පුවත් කියවන්න...
 
 
 
 
 


 
එනමුත් පළාත් සභා ලැයිස්තුවල පත්වීම් අපේක්ෂාවෙන් රැඳී සිටින අභ්‍යාසලාභීන්,අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කළ 2022.04.01 දින ස්ථීර පත්වීම් ලැබීමට නියමිත අභ්‍යාසලාභීන් හා මෙතෙක් විවිධ හේතූන් මත ස්ථීර පත්වීම් නොලද හෝ ස්ථීර අනුයුක්ත කිරීම් ලිපි නොලැබූ අභ්‍යාසලාභීන්ද යම් ප්‍රමාණයක් තවදුරටත් පුහුණුවේ රැඳී සිටින අතර ඔවුන්ට ලබාදෙන දීමනාව 2022 ජනවාරි මාසය හා අදාළ වන පරිදි පෙබරවාරි මාසය සඳහාද පෙර පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ගෙවන ලෙස ඉල්ලීමක් කර ඇත.