-
පන්දාහ රජ්‍ය අංශයට විතරක් නොවෙයි පුද්ගලික අංශයටත් දිය යුතුයි - උදේනී දිසානායක
-
පුද්ගලික අංශයේ බස් කොන්දොස්තරවරුන්ට රැකියා අහිමිවීමේ අවදානමක්
-
බස්ගාස්තුව 17%කින් ඉහළට - රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැටුප් අවුරුදු 7කින් වැඩිවී නෑ
“අපි ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් අවශ්‍ය ලෙස තමන්ගේ විනෝද ගමන් වෙන්න පුළුවන් වෙනත් ගමන් වෙන්න පුළුවන්, අත්‍යාවශ්‍ය නොවන ගමන් සීමා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි ඒක කළ යුතු දෙයක්. රජයේ අංශයේ අපි චක්‍රලේඛයක් අපි නිකුත් කරලා තියෙනවා නිවසේ සිට වැඩකරන්න. බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉල්ලීමක් කරනවා පෞද්ගලික අංශයෙනුත්. තමන්ට පුළුවන් නම් තමන්ගේ නිලධාරීන්, සේවකයින් නිවසේ සිට වැඩකිරීමට යොමු කරන්න. සමහර රැස්වීම්වලට කැඳවන්නේ නැතුව වාහනවලින්, එය මාර්ගගත ක්‍රමය ඔස්සේ කරන්න පුළුවන් නම්, අපි කොවිඩ් කාලයේ කළා. ඒ සියලුම ආයතනවලට ඒ පහසුකම තියෙනවා. දුරකථන පහසුකම් තියෙනවා. පරිගණක පහසුකම් තියෙනවා. ඒ ඔස්සේ වැඩකරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි බලනවා පුළුවන් තරම් විදුලිබලය දවල් කාලයේ, අඩුම තරමින් අධ්‍යාපන ඇමති අපෙන් ඉල්ලීමක් කරා සවස 1න් පස්සේ විදුලි කප්පාදුව කරන්න කියලා. ඒ අනුව අපි හෙට ඉඳලා මහජන උපයෝගීතා කොමිසම සමග සාකච්ඡා කරලා සවස් වරුවේ 1න් පසුව විදුලි කප්පාදුව සිදුකරන්න.”