රටේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ ජාවාරම්කාරයින් විසින් ආදායම් බදු වංචා කිරීමෙන් රුපියල් කෝටි සිය ගණනින් සිදුවන අතර, රජයට එළෙසින් අහිමිවන දේශීය ආදායම් පියවා ගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු වැදගත් හා සාර්ථක පියවරක් නොගන්නා හෙයින් ඒවා ගෙවීමට සිදුව ඇත්තේ සාමණ්‍ය ජනතාවට බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ බදු නොගෙවන ජාවාරම්කාරයින්ගේ තොරතුරු හා වහා හෙළිකරන ලෙසයි.
එම ලිපිය පහතින් දැක්වේ.
රුපියල් කෝටි සිය ගණනින් ආදායම් හා වැට් (VAT) බදු නොගෙවන ජාවාරම්කාරයින්ගේ තොරතුරු හා වහා ගත යුතු පියවර සම්බන්ධයෙනි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් මේ රටේ බදු වංචා කිරීම් පිළිබඳව වැදගත් තොරතුරු ප්‍රමාණයක් සමගින් මීට මාස එක හමාරකට පෙර ඉකුත් සැප්තැම්බර 20 වන දින පාර්ලිමේන්තුවේදී බරපතල හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව හා මුදල් අමාත්‍යාංශය ඒ බදු වංචා සම්බන්ධව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ සවිස්තර වාර්තාවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම නිසා එම තොරතුරු සත්‍යය යැයි පිළිගැනීමට අපට සිදු වන්නේය. අප අද මුහුණ දෙන ආර්ථික බිඳ වැටීමට මේ දූෂිත ජාවාරම්කාරයින් වගකීමට බැඳ තබන්නට ඒ අනුව ආණ්ඩුව පියවර ගත යුතුව ඇත.
එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව,
අලුත්ගමගේ මන්ත්‍රීවරයා එකී හෙළිදරුව්වෙන් කුමක් බලාපොරොත්තු වූවත් සියයට 83 ක් වක්‍ර බදු අය කෙරෙන මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ රුපියල් කෝටි සිය ගණනින් සිදුවන මෙවැනි බදු වංචා හේතුවෙනි. රජයට එළෙසින් අහිමිවන දේශීය ආදායම් පියවා ගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු වැදගත් හා සාර්ථක පියවරක් නොගන්නා හෙයින් ජාවාරම්කාරයින් විසින් ආදායම් වංචා කිරීමේ පාඩුවට මුහුණ දිය යුත්තේ ජනතාවය. ඊට පිළියම් වශයෙන් ජාවාරම්කරුවන්ගෙන් දඩ මුදල් සමග හිඟ බදු අයකර ගැනීම වෙනුවට ආණ්ඩු විසින් වක්‍ර බදු අය කිරීමෙන් දඩුවම් කරන්නේ නැවතත් සාමාන්‍ය ජනතාවටම ය.
මෙම හෙළිදරව්වෙන් පසු ගෙවුනු මාසයකුත් දෙසතියකට වැඩි කාලයේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේශපාලන පක්ෂ කිසිවක් ප්‍රසිද්ධියේ තබා පාර්ලිමේන්තුවේ හෝ ඒ බදු වංචා ගැන කතා කළ බවක් අපි නොදනිමු. කිසිදු මන්ත්‍රීවරයෙකුද ඒ ගැන කතා කළ බවක් අසන්නට නැත. අප විශ්වාස කරන අයුරු මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන් විපක්ෂයෙහි ඉන්නා දේශපාලන පක්ෂ වහා එක් දිනක හෝ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිය යුතුව තිබිණ.
එවැනි කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවේ සිදු නොවුනු හෙයින්, මේ රටට විදේශ විනිමය උපයන අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ලක්ෂ පහකට වැඩි සේවක සේවිකාවන්ගේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල සේවක සේවිකාවන්ගේ අයිතීන් හා ගැටළු වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියක් වශයෙන් හා ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික වෘත්තීය සමිතියක්ද වශයෙන් 2022 නොවැම්බර් මස 06 වන ඉරිදා දින රැස්වූ අප සංගමයේ මහ මණ්ඩලය විසින් ගත් තීන්දුව මත අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ,
පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට නොපමාව පියවර ගන්නා මෙන් ය.
ඒ වෙනුවෙන් ඔබේ විශේෂ අවධානය සමග මැදිහත්වීමක් වහා සිදුවෙතැයි අපි විශ්වාස කරමු.
මේ පිළිබඳව ඔබ ගන්නා පියවර සම්බන්‍ධයෙන් අප සංගමය දැනුවත් කරන මෙන් ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු. තවද, මෙම ලිපිය ඔබ වෙත ලැබුණු බව තහවුරු කරන්නේ නම් අගය කර සළකන්නෙමු.
සබැඳි පුවත්
