රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් විසින් ආරම්භ කළ එක්දින වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට දිවයින පුරා සියලු රෝහල්වල ආරම්භ විය.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාල සීමාව තුළ සියලුම විකිරණ පරීක්ෂණ, CT පරීක්‍ෂණ, MRI පරීක්‍ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ, ඇන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුකරන සියලු සැත්කම් සහා විකිරණ තාක්ෂණවේදීන් විසින් සිදු කරන සියලු සේවාවන් අදාළ වීමක් සිදුවේ. වර්ජනය පැවැත්වෙන රෝහල් තුළ ජීවිතාරක්ෂක සේවාවන් ඉටුකිරීම සඳහා නිලධාරීන් ස්වේච්ඡාවෙන් යොදවා ඇත. එසේම පිළිකාරෝහල්, මාතෲ සහ ළමා රෝහල් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවේ.
අද උදෑසන 8 ආරම්භ වූ වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර මේ සම්බන්ධව සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත්වීම මතය විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවනු ඇත.
එසේම ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශයක් මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් පිළිබඳව බලවත් සැකයක් සහ අප්‍රසාදයක් සංගමය විසින් පළ කරන අතර මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කෙරේ. එම මාධ්‍ය නිවේදනය මගින් අදාළ රෝහල් අධ්‍යක්ෂකවරයා අනුමැතිය නොලත් පිටස්තර පුද්ගලයෙකු රෝහල තුළට ගෙන්වා පරීක්ෂණ සිදු කළ බව පිළිගන්නා අතර ඔහු විසින් එහි සඳහන් කොට ඇති සුදුසුකම් ලත් පුද්ගලයන් යන්න සාවද්‍ය ප්‍රකාශයක් බව ප්‍රකාශ කරන අතර පුද්ගලික රෝහල් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකොට එම රෝහල්වල සේවයේ යොදවා ඇති නීති විරෝධී පුද්ගලයන් පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් එලෙස නොවන්නේ නම් තවදුරටත් රෝගීන්ගේ ආරක්ෂාව තර්ජනයක් වනු ඇති බවත් පෙන්වා දෙයි. කෙසේ නමුත් මාලිගාවත්තෑ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වෛද්‍ය ආඥා පනත, විකිරණ ආරක්ෂණ පනත, සහ පොදු දේපළ පනත යටතේ පොදු දේපළ අයථා පරිහරණය යන වරදවල් සිදුකොට ඇති බව පෙන්වා දිය යුතුය.
කඩිනමින් එකී පුද්ගලයා තාවකාලිකව හෝ තනතුරෙන් සහ රෝහලෙන් ඉවත්කොට ස්වාධීන විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස සංගමය තවදුරටත් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.
චානක ධර්මවික්‍රම
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
සැබැඳි පුවත්
- වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පරිපාලනය නිත්යානූකූලයිලූ - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය
- සෞඛ්‍ය බලධාරින් නිහඬයි- හෙට (21) විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය ස්ථිරයි
- රෝහල් පරීක්ෂණ හා ප්‍රතිකාර සේවාත් ජනවාරි 21 සිට ලෙඩ වෙයි
- ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිටී
- සෞඛ්‍ය බලධාරින් විනය විරෝධී නිලධාරින් ආරක්ෂා කරනවාද? - වර්ජනයකට සූදානම් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
- වකුගඩු රෝහලේ විකිරණ පරික්ෂණයට නුසුදුස්සෙක් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

