ලක්ෂ ගණන් වැටුපක් ගෙවන ඊශ්‍රායලයේ ලාංකිකයින්ට රැකියා වරම්

ලක්ෂ ගණන් වැටුපක් ගෙවන ඊශ්‍රායලයේ ලාංකිකයින්ට රැකියා වරම්
ඊශ්රායලයේ සාත්තු සේවය සඳහා සුදුසුකම් ලැබූ 30 වෙනි කණ්ඩායමේ රැකියා ලාභීන් 16 දෙනකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (2022.12.06) සිදුකෙරිණි. ඔවුන් 2022.12.07 දින උදෑසන ඊශ්රායලය බලා පිටත් විය.
 
මෙම 16 දෙනාත් සමග මේ වසරේ ඊශ්රායලයේ සාත්තු සේවය බලා පිටත් වූ මුළු ගණන 219කි.
 


 
 


 
 මෙවර කණ්ඩායමට හලාවත, අකුරැස්ස, මහරගම, මහියංගනය, නුවර, පේරාදෙණිය, රත්නපුරය, ගම්පොළ, හක්මණ, තිරප්පනේ - අනුරාධපුර, කොස්ගම, රාගම, දංකොටුව මතුගම යන ප්රදේශයන්හි රැකියා ලාභීන් එක් අයකු බැගිනුත් ඇඹිලිපිටිය ප්රදේශයේ දෙදෙනෙකුත් ඇතුළත් වෙනවා.
 

විදේශ රැකියා ප්රවර්ධන රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී - පුහුණු සෙනරත් යාපා මහතා ඇතුළු නිලධරීන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

318216515 462580526053848 74840850774372265 n

318315076 462580606053840 3858657567412857179 n

318658277 462580569387177 847354328603674315 n