සෞඛ්‍ය අමාත්‍යංශය බාරගැනීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් සුදානම් බව ජනපතිට දන්වයි

සෞඛ්‍ය අමාත්‍යංශය බාරගැනීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් සුදානම් බව ජනපතිට දන්වයි

වර්තමාන පාර්ලිමේන්තුව තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල වගකීම භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ නම් එතෙක් වෘත්තිකයන් ලෙස එම වගකීම භාරගැනීමටත්, සෞඛ්‍ය සේවාව කඩාවැටීමකින් තොරව පවත්වා ගැනීමටත් වගවීමක් සහතිව සූදානම් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රට තුල පවතින අර්බුධකාරී තත්වය හමුවේ සෞඛ්‍ය ගැටළු සමනය කරගැනීම සඳහා වන යෝජනාවලිය

පසුගිය දින කිහිපයේදී රට තුල පැවති දේශපාලනික තත්වය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී දින කිහිපයක් ගතවී ඇති නමුත් මේ වන විටත් කිසියම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව කැබිනට් ඇමතිවරයෙකු හෝ රාජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් කටයුතු නොකරන අතරම එසේ සිදුකිරීම සඳහා සූදානමක් හෝ පවතින බවක් නිරීක්ෂණය නොවේ. 

නමුත් සෞඛ්‍ය යනු රටේ යහපැවැත්ම හෝ ස්ථාවරත්වය වෙනුවෙන් ඉතා ප්‍රභල හා සාධනීය බලපෑමක් සිදුවන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් කිසිදු නායකත්වයක් හෝ මඟපෙන්වීමක් නොමැතිව තවදුරටත් සෞඛ්‍ය ඉබාගාතේ යැවීමට ඉඩ හැරීම තුල මෙම ගැටළුව තව දුරටත් තීව්‍ර වීමත් ඒ හරහා රටේ සෞඛ්‍ය මෙතෙක් හිමිකරගෙන තිබූ ඉහල තත්ත්වය එකවර නැවත යථාතත්වයට පත් කළ නොහැකි තත්ත්වයක් දක්වා කඩා වැටීමේ සම්භාවිතාවයක්ද පවතී.


වැඩබිම තවත් පුවත් කියවන්න...


ඒ අනූව මහජන සෞඛ්‍ය තිරසාරව පවත්වා ගැනීම සඳහා කැපවී කටයුතු කරන සෞඛ්‍ය වෘත්තීයවේදීන් වශයෙන් මෙම හානිදායක ප්‍රතිඵලය ලැබෙනතුරු කිසිඳු සංවේදනයක් නොමැතිව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බැවින් සෞඛ්‍ය වෘත්තිකයන් වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමටත් ඊට අදාලව අපගේ යෝජනා ඉදිරිපත් කිරීමටත් කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. 

තවද, වර්තමාන පාර්ලිමේන්තුව තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල වගකීම භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ නම් එතෙක් වෘත්තිකයන් ලෙස එම වගකීම භාරගැනීමටත්, සෞඛ්‍ය සේවාව කඩාවැටීමකින් තොරව පවත්වා ගැනීමටත් වගවීමක් සහතිව එම අභියෝගය ජය ගැනීමටත් අප සූදානම් බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු