රාජ්‍ය සේවයට කුමක් වෙයිද? සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීම ගැන සාකච්ඡාවක

රාජ්‍ය සේවයට කුමක් වෙයිද? සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීම ගැන සාකච්ඡාවක
රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
 
රාජ්‍ය සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට සිදුව ඇති බවද, ජනාධිපතිවරයා කියා සිටියේ 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
 
ජනාධිපතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
 
වර්තමානය වන විට විවිධ රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් දාහතරලක්ෂ පනස්දහසක් (1,450,000) කට ආසන්න පිරිසක් සේවය කරනවා. එමනිසා, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙකුත් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා, වත්මන් අවශ්‍යතාවයට අනුකූලව රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට මම යෝජනා කරනවා."