All Stories
ගම්පහ, ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක පුද්ගලයින් 90 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ සිදුකළ පී.සී.ආර් පරික්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි..
අදාළ ආයතනයේ සේවකයින්ගෙන් සියයට 50කට පමණ මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බව එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“ඒ පුද්ගලයෝ 198කින් 90ක් රෝගීන් බවට පත්වෙලා තියෙනවා. මේ රෝගීන් බවට පත්වීමට මුලික හේතුව තමයි. එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පාලන අධිකාරියට නොදන්වා සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයට සහභාගී වු සියලුදෙනාමත් ඉන් පසුව එම ආයතනයේ සිටි විශාල ප්‍රමාණයකුත් රෝගීන් බවට පත්වෙලා තියෙනවා. කෙසේවෙතත් මේ වන විට සියයට 50ක ප්‍රමාණයකට ආසන්න ප්‍රමාණයක් රෝගීන් බවට පත්වෙලා තියෙනවා ඔවුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා. පිසීආර් අවස්ථා තුනක දී සිදුකරලා තියෙනවා. ආයතනය මඟිනුත් පීසීආර් කරලා තියෙනවා. සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙනුත් අවස්ථා තුනක දී පසුගිය දිනවල පීසීආර් කරලා තියෙනවා.“