සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් ඇතුළු ගැටළුවලට විසඳුම් ලැබෙන ලකුණු

සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් ඇතුළු ගැටළුවලට විසඳුම් ලැබෙන ලකුණු
රාජ්‍ය සේවය සඳහා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර මහතා  සමඟ පසුගිය 11 වෙනි දින සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී සාකච්ඡාකළ කාරණා සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා විසින් දැනුවත් කිරිමක් සිදුකර තිබේ.
 
හෙතෙම සඳහන් කරන ආකාරයට ආලෝක බණ්ඩාර මහතා හා පැවති කෙටි සාකච්ඡාවේදී Misco නම් නැති අයගෙ ගැටලු විසඳමින්  පවතින බව සඳහන් වූ බවත්  සංවර්ධන නිලධාරීන්ගේ මූලික වැටුප රුපියල් 31490 විය යුතු බවත් සාකච්ඡා වූ බව පෙන්වා දෙයි.
 


 
 
 
 
 


 
එමෙන්ම,සියලුදෙනා ට ජනවාරි සම්පූර්ණ වැටුප ලැබිය යුතුයි. (ස්ථිර අයට) වැටුප් දිමනා නොලද අයට හිඟ වැටුප් සමග පෙබරවාරි වැටුප්  බවත් ජනවාරි 3 දිනට ස්ථිර වීමට සුදුසු එහෙත් තවම ස්ථිර නැති සියලුදෙනා අනිවාර්යයෙන් ස්ථිර වන අතර ජනවාරි 3 දිනට වනසේ ස්ථීර වනු ඇති බවත් පෙන්වා දෙයි.
 
එසේම සියලු ගැටලු විසඳන තුරු  ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථාන මැදිහත්වෙන බවත් පෙබරවාරි 20 දිනය ගැටලු විසදුනෙ නැත්නම් පෙබරවාරි 21 අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.