All Stories
මවගේත් දරුවාගේත් මූලික හා මානව අයිතිය තහවුරු කරමින් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට හිමි ප්‍රසූත නිවාඩුව ලබා දෙන ලෙස සංවර්ධන සේවා නිලධාරී සංගමය ඉල්ලීමක් කර තිබේ.
එහිදී රාජ්‍ය සේවයට බදවාගනු ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට හිමි දින 84ක ප්‍රසූත නිවාඩු හිමිකම වහාම ලබා දෙන ලෙස සංවර්ධන සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ප්‍රකාශයක් ඉදිරි පත් කර තිබෙන අතර ඊට අදාළ පුවත්පත් ලිපිය පහතින් දැක්වෙයි.
මෙරට රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම නිවේදනයට අනුව ළමයාගේ අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16ක් දක්වා ඉහළ යන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඊට අදාල පනත් කිහිපයක අවම වයස් සීමාව සංශෝධයන කිරීමද අනුමත වී ඇති බවත් සඳහන්.