All Stories

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය තුමාගේ දෙසුම – ගාමිණී ලොකුගේ

Allow me to extend to the President our warmest congratulations on his election to the presidency of the 102nd Session of the International Labour Conference. At the outset, I wish to extend our congratulations and appreciation to the Director-General for his impressive and insightful Report in which he has highlighted a positive, influential and successful path towards the ILO’s centenary.

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය තුමාගේ දෙසුම – ගාමිණී ලොකුගේ

[VIDEO] 102වන ජගත් කම්කරු සමුළුවේ (ILC) ආරම්භක සැසිය

102 වන කම්කරු සමුළුව ජෝර්දාන කම්කරු අමාත්‍ය සහ සමුළු සභාපති ආචාර්ය නිදාල් කටාමින් ගේ දෙසුමකින් ආරම්භ විය. එහිදී ඔහු කියා සිටියේ ලෝකයා 2008 මුල්‍ය හා ආර්ථික අර්බුදය හේතුවෙන් එතැන් පටන් අත්දකින, බොහෝ රටවල පවතින මහා පරිමාන විරැකියා ඛේදවාචකය හේතු කොටගෙන ILO හි වැදගත්කම හා ගෝලීය වශයෙන් එය ඉටු කරන වැදගත් සමාජ සහ ආර්ථික කාර්යභාරය ඉස්මතුවන බවයි. ඉන් අනතුරුව අදහස් දැක්වූ ILO අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතා සිය දෙසුමෙන් කම්කරුවන්, ව්‍යවසායන්, සහ ලොව පුරා සිටින රජයන් ට බලපා ඇති නානා ප්‍රකාර අභියෝග ජය ගැනීම කෙරහි සිය දැක්ම විග්‍රහ කළේය. මෙම දෙසුම් වල සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] 102වන ජගත් කම්කරු සමුළුවේ (ILC) ආරම්භක සැසිය

[VIDEO] ILO සහ UNAIDS ස්වෙච්ඡා HIV පරීක්ෂණ දිරිමත් කිරීමට වැඩපිළිවෙලක් දියත් කරයි

VCT@WORK (රකියාවෙහිදී ස්වෙච්ඡා උපදේශනය හා පරික්ෂාව – Voluntary Counselling and Testing) ව්‍යායාමය යටතේ ILO අධ්‍යක්ෂ ජනරාල් සහ UNAIDS විධායක අධ්‍යක්‍ෂවරිය ස්වේච්ඡාවෙන් හා රහස්‍ය බව සුරැකෙන පරිදි ලොව පුර විසිරි සිටින සේවකයින් මිලියන 5ක් ආවරණය වන ලෙස HIV උපදේශනය සහ පරීක්ෂණ සඳහා වැඩපිළිවෙලක් දියත් කරන ලදී. මෙම සුවිශේෂ අවස්ථාවේදී ආරාධිතයන් සහ සමුළු නියෝජිතයන් පලකල අදහස් වල සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] ILO සහ UNAIDS ස්වෙච්ඡා HIV පරීක්ෂණ දිරිමත් කිරීමට වැඩපිළිවෙලක් දියත් කරයි

[VIDEO] අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සමාප්ති සටහන

ජගත් කම්කරු සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් ගයි රයීඩර් මහතා සිය සමුළු සමාප්ති කතාව හරහා අපගේ ජිවිත සහ සමාජයන්හිදී සේවා පරිශ්‍රයන් පිළිබඳව ඉදිරි දැක්මක් සහිත අධ්‍යයනයක අවශ්‍යතාවය අවධාරණය කළේය. ජගත් කම්කරු සංවිධානය වසර 2019 දී සිය ශත සංවත්සරය සැමරීමට සුදානම් වන මොහොතෙහිදී එය සංවිධානයක් ලෙස වඩා ප්‍රොයෝජනවත් සහ කාලීන අදාලත්වයක් ලඟාකර ගත යුතු බව පැවසිය. සමස්ත කතාව පහත Youtube සබැඳුම හරහා බලන්න.

[VIDEO] අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සමාප්ති සටහන

[VIDEO] තිරසර සංවර්ධනය, ශිෂ්ඨසම්පන්න රක්ෂා සහ හරිත රැකියා

පාරිසරික තිරසරබව සහ සියල්ලන්ටම ශිෂ්ඨසම්පන්න රක්ෂා නිර්මාණය යන්න පරමුඛ අභියෝගයන්ය. 102 වන ILC සැසිවාරයේ නියෝජිතයෝ මෙම ගැටලුව ආමන්ත්‍රණය කල හැක්කේ කෙසේද යන්න ඉතා ගැඹුරින් අධ්‍යයනය කළහ. ශ්‍රී ලංකාවේ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අදහස්ද එයට ඇතුලත්ය. ඒ පිලිබඳව ඔවුන්ගේ සුවිශේෂී අදහස් පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] තිරසර සංවර්ධනය, ශිෂ්ඨසම්පන්න රක්ෂා සහ හරිත රැකියා

[VIDEO] නව ජන-විකාශන (Demographic) සන්දර්භය තුල සේවා නියුක්තිය සහ සමාජ සුරක්ෂණය

ජනගහනයේ වයස්ගතවීම ඇතුළු ජන-විකාශනයේ වෙනස්වීම් සියලු රටවලට අදාළ පොදු විශ්වීය ප්‍රවණතාවයකි. 102 වන ILC සමුළුවේ නියෝජිතයෝ මෙම ජන-විකාශන සන්දර්භයේ ආදීනව ශ්‍රම වෙළෙඳපොළට සහ සමාජ සුරක්ෂණ ක්‍රමවේදයන්ට බලපාන අයුරු හරයාත්ම සංවාදයකට බඳුන් කළහ. මෙම සාකච්ඡාවේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] නව ජන-විකාශන (Demographic) සන්දර්භය තුල සේවා නියුක්තිය සහ සමාජ සුරක්ෂණය

[VIDEO] රැකීරක්ෂා ලෝකයේ (World of Work) විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය

ජගත් කම්කරු සංවිධානයේ ඉහල-පෙලේ සාකච්ඡා මණ්ඩපයකදී, සමාජ ප්‍රගතියේ උපකරණ ලෙස රැකියා සහ වෘධිය නැවත සම්බන්ධ කිරීම හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කාරනාව පළල්ව විවාදයට භාජනය කෙරිණි. මේ සඳහා ගෝලීය වෘත්තීය සමිති නායකයින් හා ක්ෂේත්‍රයේ ශේෂඥයින් ගණනාවක ගේ දායකත්වය ලැබිණ. මෙම සාකච්ඡාවේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] රැකීරක්ෂා ලෝකයේ (World of Work) විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය

[VIDEO] ගෝලීය සැපයුම්දාම (global supply chains) තුල සේවක අයිතීන් සුරැකීම

102 වන ILC සමුළුවේ තොරතු සැසියකදී වෘත්තය සමිති නියෝජිතයින් විසින්, සේවක අයිතිවාසිකම් සුරැකීමට අසමත්වීම පිළිබඳව, විශේෂයෙන්ම ගෝලීය සැපයුම්දාම තුල සිදුකෙරෙන සමාජ විගණන (social audits) සහ සේවස්ථාන සහතික කිරීම (workplace certification) පිලිබඳව භාවිතයට ගැනෙන පරිචයන් දැඩිලෙස විවේචනයට භාජනය කළහ. සේවකයින් 1100කට පමණ මාරු කැඳවූ රානා ප්ලාසා කම්හල් ගොඩනැගිල්ල කඩාවැටීම් වැනි ඛේදවාචක වැළැක්වීම අරමුණු කරගත් බංගලාදේශයේ ගිනි හා ගොඩනැගිලි ආරක්ෂාව පිළිබඳ ගිවිසුම ඔවුහු අගය කළහ. මෙම තොරතු සැසියේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] ගෝලීය සැපයුම්දාම (global supply chains) තුල සේවක අයිතීන් සුරැකීම

[VIDEO] මුල් කාලින සහ දිගු කාලින විරැකියාව තියුණු කැළැල් නිර්මාණය කරන බව යුරෝපා සංගම් සභාපති පවසයි

යුරෝපා සංගමයේ සභාපති හර්මන් වොන් රොම්පුයි මහතා 102 වන ILC සමුළුවේදී අදහස් දක්වමින් අවධාරණයෙන් පවසා සිටියේ, තරුණයින් අතර විරැකියාව ට විසඳුම් සෙවීම හදිසි කාරනාවක් සේ සලකා කටයුතු කල යුතු බවයි. එලෙසම, තවදුරත් ඔහු පවසා සිටියේ, බරපතල ලෙස මෙම ප්‍රශ්නය බලපෑ ඇති රටවල් 8ක් සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් යුරෝපා සංගමය විසින් යොදවා ඇති අතර එමගින් තරුණයින් 800,000ක් පමණ ඍජුව ප්‍රතිලාභ සැලසී ඇති බවයි. මෙම අදහස් දැක්වීමේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

[VIDEO] මුල් කාලින සහ දිගු කාලින විරැකියාව තියුණු කැළැල් නිර්මාණය කරන බව යුරෝපා සංගම් සභාපති පවසයි

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

2014 මැයි 28 සිට ජුනි 12 දක්වා

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image