All Stories

2015 ජගත් කම්කරු සමුළු න්‍යායපත්‍රය

ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහ සමුළුව ජුනි මස 1 වන දින සිට 13 වන දින දක්වා ජිනීවා නුවරදී පැවැත්වේ.

2015 ජගත් කම්කරු සමුළු න්‍යායපත්‍රය

ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තෝරා ගැනේ

මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහා කම්කරු සම්මේලනය සඳහා සහභාගි වන සේවක නියොජීත පිරිස තේරීම රජයෙන් සිදු කොට ඇත. මෙම සමුළුව ජුනි 1 සිට 13 දක්වා පැවැත්වේ.

ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තෝරා ගැනේ

[VIDEO] ලැට්වියාවේ ඊයෙවා ජවුන්සේමේ ලෝක කම්කරු සමුළුවේ සභාපති වෙයි

ඊයේ (01) ඇරඹි ලෝක කම්කරු සමුළුවේ සභාපති ලෙස ලැට්වියා රාජ්‍යයේ සමාජ ශුභසාධන අම්මත්යංශයේ ලේඛම් ඊයෙවා ජවුන්සේමේ (Ieva Jaunseme) මහත්මිය සභාපති වරිය ලෙස තෝරා පත්කරගනු ලැබිය. ඇය හට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙස සේවා නියුක්ති පාර්ශව කරුවන් හා කටයුතු කිරීමේ වසර 25 කට ආසන්න අත්දැකීම් ඇත.

[VIDEO] ලැට්වියාවේ ඊයෙවා ජවුන්සේමේ ලෝක කම්කරු සමුළුවේ සභාපති වෙයි

යහපාලන පුත්‍රරත්නයත් මහජන මුදලින් ජිනීවා සවාරි නඩේ

මෙම වසරේ ජුනි මස පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ (ILO) 104 වන සමුළුව සඳහා සහභාගිවීමට නියමිත යයි වැඩබිම වෙබ් අඩවියේ මිට ඉහත පලකල කණ්ඩායමේ අක්තපත්‍ර ජනපතිවරයාගේ නිල අනුමැතියෙන් රටේ වැඩකරන පන්තිය නියෝජනය කිරිම සඳහා නිකුත් කර ඇති අතර විසා ලබාගැනීමේ කටයුතු මේ දින වල ලහි ලහියේ සිදුවෙමින් පවතී.

යහපාලන පුත්‍රරත්නයත් මහජන මුදලින් ජිනීවා සවාරි නඩේ

[VIDEO] බලහත්කාර ශ්‍රමයට එරහිව සමුළු නියෝජිතයෝ පෙළ ගැසෙති

“ 50 for Freedom “ නිදහස සදහා රටවල් 50 ක් යන මැයෙන් සකසා තිබු ප්‍රචාරක පලකයක තම අත්සන යෙදීමට සියලුම ලෝක කම්කරු සමුළුවට සහභාගිවන ආරාධිතයන්ට, නිල නියෝජිතයන්ට , නිලධාරීන්ට හා අමුත්තන්ට ආරාධනා කෙරිණි. පසුගිය වසරේදී (2014) දී සම්මත කරගත් බලහත්කාර ශ්‍රමය (Forced Labour) තුරන් කිරීමේ ප්‍රෝටකොලය (Protocol) අවම වශයෙන් රටවල් 50 ක් විසින් වසර 2018 වන විට අපරානුමත (Ratify) කරවා ගැනීම මෙයින් බලාපොරොත්තු වේ. ILO හි විධායක අධ්‍යක්ෂ වරයා පවසන පරිදි ලොව පුරා මිලියන 21 ක කම්කරුවන් පිරිසක ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගනී. ජුනි මස 12 වන දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රමයට එරෙහි සටනට මෙය පාදක කර ගැනීමට යයි. මෙහි පළමු අත්සන ජගත් කම්කරු සංවිධාන අධ්‍යක්ෂජනරාල් වරයා විසින් තබන ලදී. මෙම ප්‍රෝටකොලය වහල් ශ්‍රමයේ නුතන අවධිය තුරන් කිරීමට අපේක්ෂා කෙරේ.

[VIDEO] බලහත්කාර ශ්‍රමයට එරහිව සමුළු නියෝජිතයෝ පෙළ ගැසෙති

ILO මහ සමුළුවට යන අය කම්කරු අමාත්‍යංශය හංගයි

ජගත් කම්කරු සංවිධානයේ මහ සමුළුවට සහභාගිවන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නියෝජිතයින් කවුරුන්දැයි හෙළිදරව් කළ නොහැකි බව කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පවසයි.

ILO මහ සමුළුවට යන අය කම්කරු අමාත්‍යංශය හංගයි

[VIDEO] 2015 ලෝක කම්කරු සබය විවෘත වේ

104 වන ජගත් කම්කරු සමේලනය නොහොත් වැඩකරන ජනතාවගේ ලෝක පාර්ලිමේන්තුව යන විරුදාවලිය හිමි ලෝක සමුළුව ඊයේ (01) දිනයේදීස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වින. මේ සඳහා රටවල් 185ක වෘත්තීය සමිති, සේවායෝජක හා රාජ්‍යයන්ගේ නිල නියෝජිතයින් සහභාගී වන අතර ඔවුනට සමුළුවේදී තීන්දු තීරණ ගැනීමේ නිත්‍යානුකුල අයිතියක් හිමිවේ. මෙම ත්‍රෛපාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන්ද කණ්ඩායමක් සහභාගිවේ.

[VIDEO] 2015 ලෝක කම්කරු සබය විවෘත වේ

ලෝක කම්කරු සංවිධානයට නව සාමාජිකයෙක්…?

ජගත් කම්කරු සංවිධානයේ සාමාජිකත්වය පතා කුක් දිවයින (Cook Island) අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර. දැනට පැවැත්වෙන සමුලුවාරයේදී ඒ පිලිබඳ තීරණයක් ගනු ඇත. කුක් දිවයින දකුණු පැසිෆික් සාගරයේ දුපත් 15 කින් සමන්විත වර්ග කි. මී. 240 ක භුමි ප්‍රමාණයක් ඇති දුපත් සමුහයකි. එහි වැඩි වශයෙන් ජනයා සිටින්නේ ප්‍රධාන දුපත වූ Rarotonga ය. සම්පුර්ණ ජනගහනය 15,000 කි. “Maori” නමැති ආදිවාසී ගෝත්‍රිකයන් එහි වාසය කරයි.

ලෝක කම්කරු සංවිධානයට නව සාමාජිකයෙක්…?

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image