බදුල්ල මහ රෝහලෙහි COVID19 PCR රසායනාගාරය විසින් වෛරසය නොමැති බවට නිකුත් කරන ලද වාර්තාවක් නොදන්නා ක්‍රමවේදයක් මඟින් වෛරසය සහිතලෙස නිකුත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එච්. එස්. මුණසිංහ මහතා වෙත රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් ලිපියක් යවා ඇත.
All Stories
කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවෙයි.
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව සදහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් අද (31) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අදාළ ආයතනවල විස්තර සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරේ. කොවිඩ් වසංගතයට අදාලව රසායනාගාර සේවාව තුල ඇති වූ බිද වැටීම් ගණනාවකට ඒ මහතා වගකිවයුතු අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය, ඒ මහතා ඉවත් කරන ලෙස ඉල්ලා චෝදනා 16ක් ජනාධිපතිවරයාට ලිඛිත දැණුම් දීමක් කර තිබුණි. ඔහුගේ උද්දච්ච පරිපාළණ හැසිරීම රසායනාගාර සේවාවේ සාමූහික ක්‍රියාකාරීත්වය බිදහෙලූ බව එම ලිපියෙන් අවධාරණය කර තිබුණි.
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගෙන තිබෙන බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත්කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එම කැබිනට් යෝජනාවෙන් අමාත්‍ය කමිටුවක් යෝජනා වී ඇති අතර, එම කමිටුව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් පත් කර ඇත.
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්රකිශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා කෙරේ.
හොරණ බොඩිලයින් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි 5000ක පමණ පිරිසකට නිවෙස්වලම නිනිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව සිකුරාදා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.
අවදානමක් සහිතව උසස් පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් සඳහා විශේෂ පහසුකම් සැලසිය යුතු ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නොවැම්බර් 02 යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.

