All Stories

සේවක අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

තැපැල් සේවකයින්ට ලැබිය යුතු විසඳුම් වෙනුවට පාලකයින්ගේ මර්දනකාරී ක්‍රියාපිළිවෙතට එරෙහිව තැපැල් සේවකයින් උද්ඝෝෂණයක නිරතවීමට තීරණය කර තිබේ.
 
මාර්තු මස 03 වෙනි දින අඟහරුවාදා දිවා ආහාර වේලාවේදී මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වෙන ලෙස විවෘත ඉල්ලීමක් කර තිබේ.
 
ඊට අමතරව 2021 මාර්තු 31 වෙනි බඳදා දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවෙන බවත් සඳහන්.
 163827035 963209380879976 7009481705436008552 o
සේවක අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම්

සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට වහ විසදුම් ලබාදිය යුතු බවට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කර තිබේ.‍ෙ

මාර්තු මස 18 වෙනි දින නිකුත්කරන ලද උපාධිධාරී රැකියාගත කිරීමේ ලේඛනයට අනුව අසාධාරණයට පත්වූ උපාධිධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටළුව සාකච්ඡා කිරීමත් කඩිනමින් සුදුස්සන්ට රැකියා ලබා ගැනීමත් අපේක්ෂාවෙන් මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා දැක්වූ අදහස් පහතින්...

සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image