All Stories

වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා මහජන විරෝධතා

ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙම විරෝධතා සඳහා ප්‍රවාහන සේවකයන්, උසස් පාසල් ආචාර්යවරුන්, රජයේ රෝහල් සේවකයන් ඇතුළු බොහෝ ශ්‍රමිකයින් එක්ව සිටින අතර ඒ හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර ද ඇතුළු ප්‍රධාන නගර රැසක දෛනික කටයුතු අඩපණ වී  රජයට අසීරුතාවයන් රැසක් මතුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
මේවනවිට ප්‍රංශයේ උද්ධමනයසියයට 6.2 කින් ඉහළ ගොස් තිබෙන අතර එය මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ දශක ගණනාවකට පසුව  බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.
 

ප්‍රංශය පුරා ඉකුත් සති කිහිපයේ ඉන්ධන  හිඟයක් ද මතුව තිබුණා. ඒ, පිරිපහදු සේවකයන් දියත් කළ වැඩ වර්ජනයක් හේතුවෙන්. මේ වන විට ආරම්භ වී ඇති විරෝධතා මාලාව, වාමාංශික දේශපාලන පක්ෂ විසින් සංවිධාන කර ඇති බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. ප්‍රංශයේ නෝබෝඩ් පක්ෂයේ ප්‍රධානියා වන ජීන් ලූක් මෙලෙන්‍ චොන් විරෝධතා මෙහෙවවන බව, වාර්තා වනවා. මේ නිසා ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ රජයට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. විරෝධතාකරුවන් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව හඬ නගමින් සිටින බවත් සඳහන්.

වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා මහජන විරෝධතා

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image