All Stories
ජපානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලය විසින් නිකුත්කර තිබේ.
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් සපයනු ලබන්නේ උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා පමණක් බව සිහිපත්කර දී තිබෙන අතර මෙම කාලය තුල සේවාවන් ලබා ගැනීමට පහතින් දැක්වෙන දිගුව භාවිතාකරන ලෙසත් සිහිපත් කර දෙයි.
එමෙන්ම කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කර පැමිණීමද අනිවාර්ය බවත් නිවේදනයේ සඳහන්.
කොන්සියුලර් සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා මෙම දිගුව භාවිතා කරන්න...
අදවනවිට ලෙබනනයේ ආර්ථික අර්බුදය දැඩි ලෙස උග්‍ර වී තිබෙන බවයි විදෙස් පුවත් සෙවා වාර්තා කරන්නේ.
ආර්ථික අර්බුදය තුල එරට බැංකු පද්ධතියද දින නියමයකින් තොරව වසා දමා තිබෙන අතර ඒ හේතුවෙන් ජනතාව කෝපයට පත් වී සිටිනවා. බොහෝදෙනා තම මුදල් ලබා ගැනීමට බැංකු වෙත පැමිණියත්, ඒවා වසා තිබීම හේතුවෙන් ඔවුන් බැංකු කඩා බිඳ දමා විරෝධය පළ කරමින් සිටින බවත් සඳහන්.
ලෙබනනයේ ජනතාවගෙන් සියයට 80 කට වැඩි පිරිසකට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෙබනනය, මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉදිරියේදී තවත් අර්බුද රැසක් ඇති විය හැකි බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.