All Stories

සාප්පු හා කාර්යාල සේවක පණතේ සේවකයින්ට වැදගත් ප්‍රතිපාදන

01.ගැටළුව :

 1954 අක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පණතේ අරමුණ කුමක්ද?

පිළිතුර :

මෙම පණතේ අරමුණ වන්නේ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයින්ට සේවා පහසුකම් සැපයීම,සේවා කාලයන් නියම කිරීම, අතිකාල දීමනා, නිවාඩු,වේතන නීති රීති හා ප්‍රසූතිකාධාර පහසුකම් ආදිය ලබා දීමයි.

02.ගැටළුව:

යම් ආයතනයක් සාප්පුවක්ද කාර්යාලයක්ද යන්න දැන ගන්නේ කෙසේද?

පිළිතුර :

සාප්පු හා කාර්යාල පණත අනුව සාප්පුවක් හා කාර්යාලයක් යන්නට දී ඇති අර්ථකථනය අනුව සාප්පුවක් යනු බොහෝවිට භාණ්ඩ හා සේවා අලෙවි කරන ස්ථානයක් අදහස් කරන අතර කාර්යාලයක් යනු ලිපි කටයුතු කරන ස්ථානයක් අදහස් වේ.

සමහරවිට එකම ස්ථානයක සාප්පුවක් හා කාර්යාලයක් තිබිය හැක. ඒ අනුව සාප්පුවක් යනුවෙන් සිල්ලර හා තොග වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන, නේවාසික හෝටල්, ආහාර හා බීම වර්ග අලෙවි කරන ස්ථාන, කොණ්ඩා කපන්නන් හා සකස් කරන ස්ථාන, ලොන්ඩරි, ඩයි කිරීම්, ඩයික්ලීන්,ඡායාරූප ශාලා ආදිය ඇතුළත් වේ.

බැංකුවක, රක්ෂණ සමාගමක, නැව් සමාගමක, සංයුක්ත ස්කන්ධ සමාගමක,වතු නියෝජිත, ප්‍රචාරක නියෝජිත, ප්‍රවාහන නියෝජිත වැනි පුද්ගලයෙකුගේ සමාගමක කටයුතු කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනද තවද වෙළෙඳ සැලක, කර්මාන්ත ශාලාවක,වත්තක,ආපන ශාලාවක, සමාජ ශාලාවක, පුවත්පත් හා පොත්පත් විකුණන ආයතනයක කාර්යාල සේවාවන් කාර්යාල සේවාවන්, ගණකාධිකාරීන්, නීතිඥයන්, වෛද්‍යවරුන්,වෙන්දේසිකරුවන්, තක්සේරුකරුවන්, මිනින්දෝරුවන්, කෙටුම්පත් කරුවන්, වෘත්තීය සමිති අනො‍යාන්‍යාධාර සමිති කාර්යාල, පෞද්ගලික පාසල් කාර්යාල, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන කාර්යාල ගණයට වැටේ.

03. ගැටළුව :

මෙම පණත යටතේ දවසකට අයත් සේවාකාලය කොපමණද?

පිළිතුර :

දිනකට කෑමට පැයක විවේකයක් සමඟ පැය 09ක කාලයක් අයත් වේ. කෑම පැය නැතිව පැය 08ක කාලයක් අයත් වේ.

04. ගැටළුව

මෙම පණත යටතේ සතියකට අයත් සේවා කාලය කොපමණද?

පිළිතුර :

සතියකට අයත් සේවා කාලයට දින 5 1/2ක් හෝ පැය 45ක් අයත් වේ.

05.ගැටළුව :

මෙම පණත යටතේ වේතන ගෙවිය යුත්තේ මාසිකවද? දෛනිකවද?

පිළිතුර :

මාසිකව ගෙවීම අනුමත ක්‍රමයයි.

සාප්පු හා කාර්යාල සේවක පණතේ සේවකයින්ට වැදගත් ප්‍රතිපාදන

කාන්තා සේවිකාවන්ගේ ප්‍රසූතිකාධාර හිමිකම් ගැන දැනගමු

01 ගැටළුව :

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පණතින් ආවරණය වන්නේ කවුරුන්ද?

පිළිතුර:

මෙහිදී යම් ආයතනයක හෝ වත්තක සේවයට බඳවාගත් ස්ත්‍රී සේවිකාවන්ගේ දරු ප්‍රසූතිවලදී නිවාඩු ලබාදීම, වැටුප් ගෙවන ආකාරය, එලෙසම දරු ප්‍රසූතියට පෙර හා පසුව ඔවුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට සේවා යෝජකයා බැඳී සිටියි.

මේ පණත පැනවීමේ අරමුණ වූයේ පෞද්ගලික අංශයේ ආයතනවල සහ වතුවල සේවය කරන ස්ත්‍රී සේවිකාවන්ගේ දරු ප්‍රසූතියකදී වැටුප් සහිත නිවාඩු පහසුකම් ලබාදීමත් ප්‍රසූතියට පෙර හා පසුව ඔවුන් සේවයේ යෙදීම සම්බන්ධයෙන් යම්කිසි කොන්දේසි පැනවීමත්ය.

 02 ගැටළුව:

ප්‍රසූතිකාධාර ආඥා පණත මඟින් ආවරණය නොවෙන සේවිකාවන් කවුරුන්ද?

පිළිතුර:

  1. සාප්පු කා කාර්යාල පණත යටතේ ආවරණය වන සේවිකාවන්
  2. බාල අපරාධකරුවන්ට, අනාථවූවන්ට, අඳ ගොළු බිහිරි අයට කාර්මික පුහුණුව දෙන ආයතනවල සේවිකාව මෙම පණත යටතේ ප්‍රතිපාදන නොලබයි.

03 ගැටළුව:

ප්‍රසූතිකාධාර ආඥා පණත යටතේ ප්‍රසූතිකාධාර ලැබීමට ස්ත්‍රී සේවිකාවක් කොපමණ කාලයක් සේවය කර තිබිය යුතුද? සහ සේවිකාව නීත්‍යානුකූලව විවාහ වී සිටිය යුතුද?

පිළිතුර :

මෙම පණත යටතේ පහසුකම් ලැබිමට එක් දිනක් සේවය කර තිබීම වුවද ප්‍රමාණවත්ය.

තවද නීත්‍යානුකූලව විවාහ වී තිබීම අත්‍යාවශ්‍ය නොවේ.විවාහ වී නැතත් දරු ප්‍රසූතියක් සිදුවී  ඇත්නම් ඇයට හිමි වරප්‍රසාද ලබාදිය යුතුය. එනම් මෙම ප්‍රතිලාභ ලබා දීමට විවාහ සහතිකයද අත්‍යාවශ්‍ය නොවේ.

04. ගැටළුව:

ප්‍රසූතිකාධාර ලෙස ලබාදිය යුතු නිවාඩු හා වැටුප් කොපමණද?

පිළිතුර :

සේවිකාවගේ සජීවී මුල් දරුවන් දෙදෙනෙකු සඳහා දින 84ක් හෙවත් සති 12ක නිවාඩු ලබාදීමට මුල් පණත මඟින් බැදී ඇත. ඉන් සති 02ක්  හෝ දින 14ක් පසූතියට පෙරද ඉතිරි සති 10 හෝ දින 70 ප්‍රසූතියට පසුද ලබාදිය යුතුය. ප්‍රසූතියට පෙර සති 02 නිවාඩු ලබාදීමට නොහැකි වූ විට දින 84ක් හෝ සති 12ම ප්‍රසූතියෙන් පසුව ලබාදිය  යුතුය.

නමුත් මෙකී නීතිමය තත්ත්වය 2018 අංක 15 දරණ සංශෝධන පණතින් සජීවී මුල්දරුවන් දෙදෙනෙකු වෙනුවට ඕනෑම දරු උපතක් සඳහා දින 84ක් හෙවත් සති 12ක කාලයක් ලැබේ.

කාන්තා සේවිකාවන්ගේ ප්‍රසූතිකාධාර හිමිකම් ගැන දැනගමු

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image