All Stories

චීනයේ කොරෝනා යළි හිස ඔසවන ලකුණු

චීනයෙන්  පසුගිය 17 වෙනි දිනය ඇතුළත නව කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

එම කොමිසමට අනුව ආසාදිතයින් අතරින් 93 දෙනෙකු හඳුනාගෙන දේශීයව හඳුනා ගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා හඳුනා ගෙන ඇත්තේ, විදෙස් රටවල සිට චීනයට පැමිණි පිරිස් අතරිනි.

කොරෝනා ව්‍යාප්තියේ මූලාරම්භය සනිටුහන් වූ චීනය ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඇති අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇත්තේ, කොරෝනා ආසාදිතයින් 88,336ක් පමණි.

කොරෝනා වංසගතය නිසා ජීවිත අහිමිවූ චීන වැසියන් සංඛ්‍යාව 4,635කි.

 

 
චීනයේ කොරෝනා යළි හිස ඔසවන ලකුණු

වයස් සීමාව නොසලකා උපාධිධාරීන්ට පත්වීම් -මෙන්න අලුත්ම ආරංචිය

ඌන සේවාවල යෙදී සිටින රජයේ සේවකයන් අතරින් උපාධිය සමත් අයට උපාධි පත්වීම් ලබා දීමට රජය තීරණය කර ඇත.  

උපාධිධාරීන් 1000 කට අධික පිරිසක් රාජ්‍ය ආයතනවල කම්කරු හා කාර්යාල කාර්ය සහායක තනතුරුවල යෙදී සිටින බව අනාවරණය වී ඇත.  

මෙම පිරිසට උපාධි පත්වීම් ලබා දෙන ලෙසට උපාධිධාරි වෘත්තීය සංගම් ඉල්ලීම් කර තිබුණි.  

 උපාධිධාරි පත්වීම් ලබා දීමේ දී වයස් සීමාව නොසලකා හැරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශයේ ප්‍රකාශකයෙක් කීය.  

වයස් සීමාව නොසලකා උපාධිධාරීන්ට පත්වීම් -මෙන්න අලුත්ම ආරංචිය

පිටරටවල හිරවුණු 397 ක් යානා 06කින් දිවයිනට

2021 නව වසරේ ඊයේ (01 දා) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින්, රජයේ විශේෂ අවසරය මත ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනකු පැමිණ තිබූ අතර මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා ප‍්‍රකාශ කළේය.

මෙසේ ඉන්දියාවේ චෙන්නායි සිට 283 දෙනකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 48 දෙනකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනකු ද ඉතාලියේ මිලාන් සිට 28 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙසේ ගුවන්තොටුපළ වෙත පැමිණි පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමුකර තිබේ. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ශ‍්‍රී ලාංකිකයන් 251 දෙනකු රැකියා සඳහා මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

 

පිටරටවල හිරවුණු 397 ක් යානා 06කින් දිවයිනට

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image