All Stories

අපි උපයන ඩොලර් වලට ගරු සැලකිලි .. නමුත් අපට හිමිවන්නේ බැනුම් ගැරහිලි...

 

ආයෝජන ප්‍රවර්ධන කලාපවල, ඇගළුම් කර්මාන්තශාලාවල මෙන්ම පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් නියෝජනය කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සහ ස්ත්‍රි මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද ජාත්‍යන්තර ස්ත්‍රි දින සැමරුම ඊයේ දින (මාර්තු 7 වන දින ) කොළඹ විජේරාම පාරේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වින.

රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන නමුත් නිසි ආදායමක්, සැලකිල්ලක් නොමැති අපවාදාත්මක කෝණයකින් බලන ඇගළුම් සේවක සෙවිකාවන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූ මෙම ස්ත්‍රි දින සැමරුමට ඔවුන්ගේ අදහස් වලට වැඩි ඉඩක් ලබා දී තිබණි.

වැඩ සටහන ආරම්හයෙදී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් අදහස් දක්වමින් "ජාත්‍යන්තර කාන්තා දිනයේ ඇගළුම් සේවිකාවන් තමයි කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම පීඩාවට සහ අපවාදයට මුහුණ දුන්නේ එම නිසාවෙන්ම ඔවුන්ගේ සහභාගීත්වයෙන් ස්ත්‍රී දිනය සැමරීමට කටයුතු කළ බවය "
ස්ත්‍රි මධ්‍යස්ථානය නියෝජනය කරමින් කාංචනා අබේසේකර අදහස් දක්වමින් " ස්ත්‍රීයක් වීම ගරු කොට සැලකීම යුතු වුවත් සමාජයේ ආකල්පය තවමත් ස්ත්‍රිය පහත් කොට සැළකීම යි . ස්ත්‍රි මධ්‍යස්ථානය සැම විටම ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවය"

දිවයින පුරා විහිදී යන අයුරින් ඇගළුම් සේවිකාවන් අදහස් දක්වන වාර්තාමය චිත්‍රපටයක් මෙහිදී පුදර්ශනය කළ අතර ඉන්පසුව වෘත්තීය සමිති වෙනුවෙන් නිදහස් සේවක සංගමයේ ලේස්ලි දේවේන්ද්‍ර අදහස් දැක්වීමෙන් පසුව පැමිණ සිටි ඇගළුම් සේවිකාවන් අදහස් දැක්වූ අතර කිලිනොච්චිය, වවුනියාව, කුරුණෑගල, වැනි ප්‍රදේශවල සේවිකාවන් ඒ ඒ ප්‍රදේශවල කණ්ඩායම් ලෙස එකතුවී අන්තර්ජාලය ඔස්සේ සජීවී ව අදහස් දැක්වීය. මෙහිදී ඔවුන් අදහස් දැක්වීමට විශාල උනන්දුවක් දැක්වීය කාලා වේලාව මද වීම වීම නිසා අකමැක්තෙන් වුවද අදහස් දැක්වීමට දී තිබූ අවස්ථා සීමා කිරීමට සිදුවූ බව සංවිධායක මණ්ඩලය පැවසීය.

ඉන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ අධ්‍යක්ෂිකා සිමරන් සිංග් මහත්මිය,රටවල් 140 ක වෘත්තීය සමිති 600 ක සාමාජිකයන් මිලියන 50 ක් සාමාජිකත්වය දරණ ඉන්ඩස්ට්‍රි ඕල් ගොලීය වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන වෝල්ටර් සැන්චේස් මහතා , කිලීන් කොලාත්ස් කැම්පේන් හී ප්‍රධානි ඉනෙකේ සේන්ඩල්රස් මහත්මිය , නෙදර්ලන්තයේ 3f වෘත්තීය සමිතියේ ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි ජෙස්පර් නෙල්සන්, නවසීලන්තයේ යුනියන් එයිඩ් විධායක අධ්‍යක්ෂ මයිකල් නොයිලර්, එංගලන්තයේ වොර්න් වොන්ට් සංවිධානයේ ජාත්‍යන්තර සම්බංධිකාරක රූත් ඔගියර් මහත්මිය, ඇමෙරිකාවේ workers Rights consortium හි ලෝරා ගිට්රස් මහත්මිය,ජාත්‍යන්තර ස්ත්‍රී දින සුභ පැතුම් සමග සිය අදහස් දැක්වීය.ඉන් අනතුරුව ජාත්‍යන්තර ස්ත්‍රී දින යෝජනා සියලුම දෙනා ගේ අත එසවීම තුලින් සම්මත කරගන්නා ලදී.

 

අපි උපයන ඩොලර් වලට ගරු සැලකිලි .. නමුත් අපට හිමිවන්නේ බැනුම් ගැරහිලි...

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image